ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    කාන්තාවන් සහ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා - මහජන ආරක්ෂක අමාත්‍ය

    ජනවාරි 23, 2024

    කාන්තාවන් සහ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කීයවීමේ විවාදය ආරම්භ කරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ,

    ළමා අපචාර සහ කාන්තා හිංසනය ගැන මෙම පනනිත් විශේෂයෙන් අවධානය යොමු වෙනවා. අපේ රටේ සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රමාණයක් කාන්තා හිංසනය සහ ළමා අපචාර සිදුවෙනවා. මිනීමැරුම් සහ කාන්තා දූෂණයන්  පවා සිදු වූ අවස්ථා තිබෙනවා. පසුගිය වසරේ  මෙවැනි පැමිණිලි 8000කට වඩා ලැබී තිබෙනවා. ලිංගික හිරිහැර පිළිබඳ පැමිණිලි විශාල වශයෙන් ලැබී තිබෙනවා.

    පසුගිය වසරේ පමණක් නිරුවත් ඡායාරූප ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී ඇතැයිද හෙතෙම පැවසීය.මීට අමතරව මුදල් වංචා කිරීම්, සයිබර් හිරිහැර, පරිගණක දත්ත සොරකම් කිරීම් සඳහා විශාල ලෙස පැමිණිලි ලැබී ඇතැයිද කීය.

    මන්ත්‍රීවරුන්ට මෙන්ම මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන්ට, දරුවන්ට පවා සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් විශාල ලෙස අපහාස සිදු කෙරෙන බව හෙතෙම පෙන්වා දුන්නේය. මේ සියලු දේ නවත්වන්න නීති රීති අවශ්‍ය බව හෙතෙම පෙන්වා දුන්නේය.

    අපි මේ සඳහා කොමිසමක් පත් කරනවා. එහි සාමාජිකයින් ජනාධිපතිවරයා විසින් පත් කරනු ඇති. පක්ෂ විපක්ෂ , තොරතුරු තාක්ෂණය, නීතිය ආදී විවිධ ක්ෂේත්‍ර වලට අදාළ පුද්ගලයින් පස්‌ දෙනෙක් මෙලෙස පත් කරනවා. එම කොමිසම අනුවයි පැමිණිලි විභාග කිරීම සිදු වන්නේ. ඒවාට එරෙහිව කටයුතු කිරීම සිදු වන්නේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya