ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ඔන්ලයින් වෙළඳාමෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා වන නව කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    ජනවාරි 23, 2024

    ඔන්ලයින් හරහා සිදු කරන වෙළෙඳාම්  මේ වන විට වැඩි වී තිබෙන බවත් , ඔන්ලයින් වෙළෙඳාමෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා නව කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද ( 23) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඔන්ලයින් වෙළෙඳාමේදී පාරිභෝගිකයාට සිදුවන අසාධාරණයන් සම්බන්ධයෙන් පැමිණිලි සිදුකිරීමට අවස්ථාවක් නොමැති බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව හෙතෙම පැවසීය.සමාජයේ ගැටලු සහගත තැන්වලදී සෘජු තීන්දු ගැනීමට මෙවැනි පනත්  සම්මත කර ගැනීම තුළින් අවස්ථාව ලැබෙන බවද හෙතෙම පැවසීය.

     වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    පසුගිය වසර කිහිපයේදී ලෝකයේ දියුණු රටවල් තාක්ෂණය හරහා විශාල දියුණුවක් අත්පත් කර ගෙන තිබෙනවා. තම රටවල ආර්ථික සංවර්ධනයට විශාල වාසි අත්පත් කරගෙන තිබෙනවා. අපේ රටෙත් ඉතා ඉක්මනින් තොරතුරු තාක්ෂණයට අනුගත වුණා. එවැනි සමාජයක් මේ රටේ ගොඩ නැගුණා. අද වන විට මෙරට ජනතාවට මිලියන 15ක් අන්තර්ජාලය භාවිතා කරනවා. මිලියන 07ක් ක්‍රියාකාරී ලෙස සමාජමාධ්‍ය භාවිතා කරනවා. මිලියන 36ක් ජනතාව ජංගම දුරකතන භාවිතා කරනවා. මිලියන 40 වුණානම් මෙරට ජනතාව වගේ දෙගුණයක්  දුරකතන භාවිතා කරනවා. අද සෑම කෙනෙක්ම කියනවා කෑම සඳහා මුදල් නැහැ කියලා. නමුත් මෙම දුරකතන බිල්පත් ආදියට ජනතාව විශාල මුදලක් වැයකරනවා. ජනතාව විශාල වශයෙන් ඒ සමග බද්ධ වෙලා තිබෙනවා.

    රටේ ජනතාවගේ වගකීම් ආරක්ෂා කිරීමට තමයි මෙම නව කෙටුම්පත් ගේන්නේ. මේ රටේ කොමිෂන් සභා තියෙන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට සහ එමගින් ජනතාවට යම් යම් සේවාවන් ලබා ගැනීමට. මේ සියලු දෙයින් සිදු වන්නේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනඑක. මෙතරම් ජනතාවක් අන්තර්ජාලය සමග බැඳී තිබුණත් ඒ සඳහා නිසි නියාමන වැඩපිළිවෙළක් අද වෙන තුරු තිබී නැහැ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya