ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    එළවළු හිගයට විසඳුමක්- ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක්

    ජනවාරි 24, 2024

    වෙළෙඳපොළ පවතින එළවළු හිඟය සැලකිල්ලට ගෙන ගෙවතු වගාවන් ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළි‍වෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

    රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

    රටේ එළවළු නිෂ්පාදනය කරන ගොවියා, පාරිභෝජනය කරන පුද්ගලයායි අතර අතරමැදියෙක්  සිටිනවා. එය පාලනය කිරීමට රජය ඇතැම් අවස්ථාවලදී අපොහොසත් වෙනවා. එළවළු මිල සාධාරණ විදියට පාරිභෝගිකයාට නොලැබෙන අවස්ථා තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය මේ කාලයේ තිබෙන එළවළු හිඟය සැලකිල්ලට ගෙන ගෙවතු වගාව වැනි ක්‍රියාමාර්ග ගෙන වගා කිරීම් කටයුතුවලට පෙළැඹී සිටිනවා.

    සත්ව නිෂ්පාදනයන් සඳහා සහන ලබාදෙමින් නිෂ්පාදකයන්ට වැඩිපුර නිෂ්පාදනයට සහාය දෙනවා.  තීරු බදු සහන ලබාදී මවු සතුන් ආනයනයට, බඩ ඉරිගු වැනි දේ ආනයනයට, පැටවුන් නිෂ්පාදනය කරන ස්ථාන නියාමනය යනාදිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය වගකීම ඉටු කරනවා. අතරමැදියා  හා පාරිභෝගිකයා අතර  තිබෙන ගැටලුව ගැන අපි සෑහීමකට  පත් වන්නේ නැහැ. පෞද්ගලික හා රාජ්‍ය ආයතන එක්ව පාරිභෝගිකයාට සහන ගෙන දෙන වැඩපිළිවෙළක් සකස් කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya