ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    මහජන නියෝජිතයින්ට ප්‍රාදේශීය වශයෙන් සිදු කරන යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා බාධා පමුණවා නැහැ

    ජනවාරි 24, 2024

    ඔිනෑම මහජන නියෝජිතයෙකුට දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය සංවර්ධන  කමිටු වලට සම්බන්ධ වෙමින් ගම් මට්ටමින් හෝ වසම් මට්ටමින් සිදු වෙන සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීම සහ ඒ සඳහා විමධ්‍යගත අරමුදල් ලබා ගැනීමේ බාධාවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ප්‍රාදේශීය වශයෙන් සිදුවන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් ලබා නොදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාදයක් අහිමි කර නැතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ආර්ථිකය කඩා වැටී රට අරාජික වූ මොහොතක රට නැවත යථා තත්වයට පත් කිරීම සඳහා ඒ මහතා ලබාදුන් සහය අමතක කළ නොහැකි බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    මහජන නියෝජිතයින්ට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලට සම්බන්ධ වෙමින් පොදු එකගතාවයෙන් සහ විනිවිදභාවයෙන් යුතු සංවර්ධන වැඩසටහන් සහ යෝජනාවන් ක්‍රියාත්මක කළ හැකියි.  නමුත් අයවැයට විරුද්ධ වූ ඇතැම් කණ්ඩායම් අයවැය ලේකනයේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන විටදී ඒ ප්‍රතිලාභ වල කොටස්කරුවන් බවට පත්වීමට උත්සාහ දරනවා. අයවැයට විරුද්ධ වුනත්, ප්‍රාදේශිය හෝ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලට ගොස් තමන්ගේ යෝජනා ඉදිරිපත් කර මහජනතාවට ප්‍රතිලාභ ලැබෙන යෝජනාවන් ක්‍රියාත්මක කළ හැකි බවද කීය.වසර කිහිපයකට පසු ප්‍රාදේශීය සංවර්ධනය සඳහා බිලියන 10ක් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 91 සඳහා තවත් බිලියන 10ක් වෙන් කර තිබෙනවා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වලට සම්බන්ධ වෙමින් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya