ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ගුරුවරු 5500ක් බඳවාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් දැනුම්දීමක්

    ජනවාරි 24, 2024

    විෂයන් කිහිපයක් සඳහා ගුරුවරු 5,500ක් අලුතින් බඳවා ගැනීම  සම්බන්ධයෙන්  ගැසට් පත්‍රයේ පළකර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා  අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය හා විශේෂ භාෂා විෂයන් සඳහා ගුරුවරු බඳවා ගැනීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යවරයා කීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    සංවර්ධන නිලධාරින් ලෙස සේවය කරන උපාධිධාරින් 22,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මාස 9ක් පුරා පෙත්සම් විභාගය පවත්වා අවසන් බවත් එහි තීන්දුව ලබන සතියේ දෙනු ඇතැයිද හෙතෙම පැවසීය.ඊට අමතරව ගුරු පත්වීම් 13,500ක් ලබාදීමට පළාත් සභා සියල්ල මේ වනවිට කටයුතු සිදුකර ඇතත් ඒ සම්බන්ධයෙන් පවතින අධිකරණමය කටයුත්ත හේතුවෙන් එය ද ප්‍රමාද වී ඇති බව පැවසු අමාත්‍යවරයා අද දිනය තුළ ඒ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ලැබෙනු ඇති බව ද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya