ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    වෛරය, ක්‍රෝධය සහ ආගමික ගැටීම් ඇති කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් සඳහා ඉඩ නොතබමින් සත්‍ය නිසිලෙස ඉදිරිපත්කරන සමාජ මාධ්‍ය සංස්කෘතියක් සඳහා ඉඩ ලබා දිය යුතුයි

    ජනවාරි 24, 2024

    වෛරය, ක්‍රෝධය සහ ආගමික ගැටීම් ඇති කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් සඳහා ඉඩ නොතබමින් සත්‍ය නිසිලෙස ඉදිරිපත්කරන සමාජ මාධ්‍ය සංස්කෘතියක් සඳහා ඉඩ ලබා දිය යුතු බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ජඩ සමාජ මාධ්‍ය පාලනය කිරීම සහ නියාමනය කිරීම සඳහා පනතක් ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට ස්තුතිය පුද කරන බවද ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

    සමාජ මාධ්‍ය ඉතා වැදගත්. නමුත් සමාජයේ කොටස් දෙකක් සිටිනවා.සත්පුරුෂයෝ සහ අසත්පුරුෂයෝ. සත්පුරුෂයෝ ඉතා හොඳින් මෙම සමාජ මාධ්‍ය භාවිතා කරනවා. ඔවුන් රටට සමාජයට යහපතක් කිරීම සඳහා ‌මෙම  සමාජ මාධ්‍ය භාවිතා කරනවා. සත්‍ය නිසිලෙස ඉදිරිපත්කරන සමාජ මාධ්‍ය සංස්කීතියක් සඳහා ඉඩ ලබා දිය යුතු අතර වෛරය, ක්‍රෝධය සහ ආගමික ගැටීම් ඇති කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් ඉඩනොතැබිය යුතුයි. මේ රටේ විවිධ ආගම් තිබුණත් සෑම කෙනෙකුම අනෙක් අයට ගරු කරන පුරුද්දක් තිබුණා.

    සෑම පුද්ගලයෙකුටම කවර  ක්ෂේත්‍රයක සිටියත් ඒ සෑම කෙනෙකුටම ගෞරවයක් තිබුණා. නමුත් සමහර අන්තවාදී දේශපාලන පක්ෂ විරුද්ධ මත දරන අයව මරා දැමුවා. දේශපාලඥයින් දූෂකයින් බව කියමින් ඔවුන්ගේ පවුල් පවා විනාශ කළා. සමාජමාධ්‍ය නිසා තමන්ට ජාතක වූ දියණියව පවා අමතක වූ අවස්ථා තිබුණා. පසුගිය වසරේ මැයි 09 වන දා නිරායුධ අහිංසක මහජන නියෝජිතයෙක්ව මරා දැමුවා. දේශපාලඥයින්ගේ ගෙවල් බිඳ දැමුවා. ඒ සඳහා වෛරය වැපිරුවේ සමාජ මාධ්‍ය.

    මම  අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටින සමයේදී විද්‍යාපීඨ වලට ගොස් විද්‍යාපීඨ දරුවන් ගත කරන ජීවිතය ගැන සොයා බැලුවා. ඔවුනට මාසයකටම ජීවන වියදම ලෙස ලැබුණේ රුපියල් 2500ක් පමණයි. තරුණ දරුවන්ට මාසයකටම රුපියල් 2500 ක් ලැබුණ නිසා මම කිව්වා මිනිහෙකුට නොමැරි ඉන්න තමයි මෙම මුදල ප්‍රමාණවත් වෙන්නේ කියලා.ඒ නිසා එම රු 2500 රුපියල් 3000දක්වා වැඩි කරන ලෙස ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් යොමු කළා. නමුත් රුපියල් 2500කින් පවුලකට කන්න පුළුවන් කියලා විවාදයකුත් ඇති වුණා. මම ඔප්පු කළා එවැනි දේ විශ්ව විද්‍යාල වල සිදු වන බව.අද වෙනතුරු සමාජ මාධ්‍ය වලින් ඒ ගැන කියමින් මට චෝදනා කරනවා.

    මිනිසුන්ගේ වටිනාකම නොදැන සමාජ මාධ්‍ය භාවිතා කිරීමසිදු කරන්නේ නරුමයෝ පමණයි.එවැනි නරුම සමාජයක් ඇති කිරීම වැලැක්වීම මිසක් සමාජ මාධ්‍ය පාලනයක් මෙම පනත හරහා සිදු වන්නේනැහැ. ජපානය වැනි රටවල  කිසිදු සමාජ මාධ්‍ය භාවිතා කරන් නැහැ. දරුවන් හදන්නේ කුඩා කල සිට සමාජ මාධ්‍ය වලින් තොරව. ජපානය තරම් හික්මුණු , සීලාචාර සහ සන්තෝෂයෙන් සිටින මිනිසුන් ඉන්න රටක්  මම  දැකලා නැහැ. මේ ර‌ටේ කුඩා කල සිට මිනිසුන්ව වෛරයෙන් මුසපත් කරවනවා. සියලු මිනිසුන්ට බයෙන් සැකයෙන් ජීවත් වීමට, තමන් කැමති මතයක් දැරීමට හැකි යුගයක් ඇති කිරීමට මෙවැනි පනත් ගේනවා.මන්ත්‍රීවරුන් 225ටම අපහසා කරනවා.ලෝ මේකර්ස්ල ටී මේකර්ස්ල බවට පත් කරමින්, සමාජයතුළ වඩා පහත් කරමින් සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ වැඩපිළිවෙල වැලැක්විය හැකි වැඩපිළිවෙළ මෙම පනත මගින් ක්‍රියාත්මක කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya