ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත ගෙන එන්නේ සමස්ථ පුරවැසියන්ගේ ආරක්ෂාවට

    ජනවාරි 24, 2024

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත්  කෙටුම්පත ගෙන එන්නේ සමස්ථ පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මිස ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ  දේශපාලකයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් නොවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද(24) ප්‍රකාශ කළේය.

    සමස්ථ පුරවැසියන් ලෙස කාන්තාවන්, ගැහැණු දරුවන් , පිරිමි දරුවන්, වැඩිහිටියන්, දෙමව්පියන් ඇතුළු සියළු දෙනාට මෙම පනත් කෙටුම්පත මගින් රැකවරණය හිමිවන බවද ඇමතිවරයා පැවසීය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පැවති විවාදයට එක්වෙමිණි.   

    සේව් ද චිල්ඩ්රන් (save the Children) ආයතනය 2021 වසරේදී ප්‍රකාශ කර ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ සෑම දරුවන් 10 ක ගෙන්03 දෙනෙකුම කුමන හෝ ආකාරයක මාර්ගගත අපයෝජන හෙවත් Online Abuse(ඔන්ලයින් ඇබියුස්)  වලට ලක්ව ඇති බවත් මෙය බරපතල තත්ත්වයක් බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය. එමෙන්ම International Centre for Missing and Exploited Children ආයතනය ප්‍රකාශ කර ඇති ආකාරයට  ලංකාව මාර්ගගත ළමා ලිංගික අපයෝජනය නතර කිරීම වෙනුවෙන් ලෝකය තුළ නීති නොමැති රටවල් 25 න් එකක් බවද හෙතෙම පැවසීය.   මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමාජය තුළ බියක් , චකිතයක් නිර්මාණය වී ඇත්තේ මේ සම්බන්ධයෙන් ඇති අනවබෝධය නිසා බවද ඇමතිවරයා පැවසීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

    මෙම පනත සම්බන්ධයෙන් අපට විවාද කිරීමට සිදුව තිබෙන්නේ ඇයි.  එක් හේතුවක් තමයි ඕනෑම දෙයක් සම්බන්ධව විවිධ වෙනස් මත ඕනෑම සමූහයක තිබෙන නිසා. නමුත් ලංකාවෙ සහ මේ පාර්ලිමේන්තුවේ මම දකින හේතුවක් තමයි ඕනෑම දෙයක් දෙස සෘනාත්මක සහ දුක්මුසුව බලන එක.මෙම පනතට සමාජය තුළ බියක් , චකිතයක් තිබෙන බව ඇත්ත. එයට හේතුව තමයි බහුතරයක් දෙනාට මේ පිළිබඳව අවබෝධයක් නොමැති වීම සහ වැරදි ලෙස අවබෝධ කර ගැනීම. අපි මුලින්ම තේරුම් ගන්න අවශ්‍ය කාරණය තමයි මේ පනත ගෙනල්ල තියෙන්නෙ මේ රජය හෝ දේශපාලකයින්ව ආරක්ෂා කරන්න නෙමෙයි. මේක ගෙනල්ල තියෙන්නෙ පුද්ගලයින්, රටේ පුරවැසියන් ආරක්ෂා කරන්න. පුරවැසියා කිව්වම, අපේ ගැහැනු දරුවන්, පිරිමි දරුවන්, වැඩිහිටියන්, දෙමව්පියන්, ඔබත්, මමත් ඇතුළු දේශපාලක්ඥයින් වගේ සියළුදෙනා ඇතුලත් වෙනවා.තරුණ දේශපාලකයෙක් ලෙස මම මේ කතාකරන්නෙ අනාගතවාදීව මිසක් දේශපාලකයා රකින්න හෝ ආණ්ඩුව රකින්න නෙමෙයි.....අපි ඒ මිත්‍යාවෙන් ගැලවෙන්න ඕනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya