ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    මූල්‍ය අක්‍රමිකතා සිදු කළ බවට හඳුනාගත් ආයතන හයකින් රජයට රුපියල් කෝටි තිස් එකක බදු ආදායමක්

    ජනවාරි 24, 2024

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  මූල්‍ය අක්‍රමිකතා සිදුකළ බවට හඳුනාගත් ආයතන12 ක  විගණන පරීක්ෂණ සිදු කරන බවත් අද දින  ආදායම් කොමසාරිස්  ජනරාල්වරිය විසින් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ වාර්තාව තුළ මේ පිළිබඳ  ඉතා පැහැදිලිව සඳහන් කර ඇති බවත් ඒ අනුව ආයතන හයක මේ වන විට සිදු කරන ලද විගණන විමර්ශන යටතේ රුපියල් 31,8525224 ක මුදලක් අමතර බදු මුදල් ලෙස රජයට අයකර ගැනීමට හැකියාව ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අද(24) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

    දැනට පවත්නා නීතිමය වපසරිය තුළ අදාල ආයතන සම්බන්ධයෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග මේ වන විට ක්‍රියාවට නංවා ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන දීර්ඝ පරීක්ෂණයකින් පසු අදාල ආයතන වෙත නඩු පැවරීම සඳහා වන උපදෙස් ලබාගැනීමට අදාල ලිපි ගොනුව නීතිපතිවරයා වෙත යොමු කරන බවත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවද වෙනම විගණනයක් මේ සම්බන්ධව සිදුකරන අතර හඳුනාගත් අනෙක් ආයතන 06ද විගණනයට ලක් කළ පසු අදාල සියලු මුදල් අය කර ගැනීම සම්බන්ධ පූර්ණ වාර්තාවක් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට එක් නීතියකුත් මහා පරිමාණ මූල්‍ය ගනුදෙනු සිදුකරන පාර්ශ්ව වෙත තවත් නීතියකුත් රට තුළ ක්‍රියාත්මක වන බවට  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මතු කළ චෝදනාවට පිළිතුරු දෙමින් අමාත්‍ය සියඹලා පිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ,  විපක්‍ෂනායකතුමන්ට එතුමාගේ රජයක් කොපමණ කාලයකින් පිහිටුවාවිද යන්න තමාට කිව නොහැකි  අතර කෙසේ වෙතත් එතුමන්ගේ රජයක් යටතේ විසඳීමට අපේක්ෂා කරන අක්‍රමිකතා ලයිස්තුවෙන් දැනට පවතින බොහෝ කරුණු ඉවත් කර ගැනීමට හැකිවනු ඇති බවයි .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya