ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ විශ්‍රාම දිවියට අග්‍රාමාත්‍ය්‍යවරයාගේ ශුභාශිංසන

    ජනවාරි 24, 2024

    වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙන්වූ කැපවීම විශිෂ්ට ආදර්ශයක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    වසර 42කට අධික කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කොට එළඹෙන ජනවාරි 30 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය අගයමින් අග්‍රාමාත්‍යවරයා මේ බව  ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැතිවරයා පැවසුවේ,

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවට මම පත් වන මුල් අවස්ථාවේ මුල් දවසේ සිට මේ දක්වාම මගේ රාජකාරි කටයුතු මැනැවින් ඉටු කිරීම සඳහා ප්‍රනාන්දු මහතා නොයෙක් අවස්ථාවල, විවිධාකාරයෙන් ලබාදුන්  උපකාර, උපදෙස්, මඟපෙන්වීම්, සාකච්ඡාවන්  විශේෂයෙන්ම එතුමාගේ ‍සේවාව තවදුරටත් ගැඹුරු කැපවීමක් ඇති බව අපට පෙන්වා දුන්නා. විවිධ අර්බුදයන් හරහා පාර්ලිමේන්තුව රැස් වන අවස්ථාවන්වලදී ගරු මන්ත්‍රීතමන්ලා ඇතුළු පාර්ලිමේන්තුවට වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙන්වපු ආදර්ශය අඛණ්ඩ සේවාවක විශිෂ්ට ආදර්ශයක් ලෙස මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමතියි. එදා ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තුව ගොඩනැගිල්ලට එතුමා පාර්ලිමේන්තු සේවයට බැ‍ඳෙන අවස්ථාවේ සිට අවුරුදු 42කටත් වැඩි 'දීර්ඝතම පාර්ලිමේන්තු සේවා කාලය හිමි නිලධාරියා' වශයෙන් වාර්තාවක් පිහිටවන අවස්ථාවෙයි අප අතරින් නික්ම යන්නේ. එතුමා නික්ම යන අවස්ථාවට පාර්ලිමේන්තුවේ හැම ප්‍රශ්නයකදීම එතුමා තම රාජකාරිය ඉටු කළා. ආදර්ශයෙන්, කැපවීමෙන් රාත්‍රී කාලයේ වතුරෙන් පිරුණු පාර්ලිමේන්තුවක්, සභා ගර්භයක් පිරෙද්දි නරේන්ද්‍ර මහතා එදා තමන්ගේ නිල ඇඳුම්වලින් ඉවත් වී තම සගයන් සමඟ පාර්ලිමේන්තුවේ ජලයෙන් පිරුණු අවස්ථාවක එය බේරා ගැනීමට කටයුතු කළ ආකාරය අපට සිහිපත් වෙනවා. .......... මම හිතන්නේ නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට සිහිපත් කළ හැකිය මේ ආදර්ශය. මොකද පාර්ලිමේන්තුවේ ගොඩනැගිල්ල පමණක් නෙවෙයි පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග පවා එදා සුනාමි හා සමාන මහ වතුරකින් යට වුණා. ඉතින් එදා ඔබතුමා රාජකාරියට පමණක් සීමා වී කටයුතු නොකර ඇතිවුණු ඒ මහා අපදාවෙන් අරගලයක උත්සාහවන්තභාවය  ලෙපන්වමින් ඉක්මණට පාර්ලිමේන්තුව කටයුතු කළ හැකි ආකාරයට ගෙනාපු සුවිශේෂ දායකත්වය. ඒක සුවිශේෂ අවස්ථාවක්. 'කෝවිඩ්' වසංගතයට මන්ත්‍රීවරු රටම මුහුණ දෙන අවස්ථාවේ  පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුනට එයින් ආරක්ෂා විය හැකි ප්‍රතිකර්මයන් යොදා ගත හැකි සෞඛ්‍යය ආරක්ෂාව ලබා දීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොව පාර්ලිමේන්තුවේ සේවක සියලු දෙනාට ඒ විශේෂ ආරක්ෂාව ලබා දීම අප‍ෙ රටේ වෛද්‍ය ක්ෂේක්ත්‍රයේ පමණක් නොව පාර්ලිමේන්තු ක්ෂේත්‍රයට ද ඉටු කර ඇති ආදර්ශය ඉතා යහපත්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya