ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ඇඹිලිපිටිය, ඇල්ලේවැව ජලාශ යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට උපදෙස්

    ජනවාරි 28, 2024

    ඇඹිලිපිටිය,  ඇල්ලේවැව  ජලාශ යෝජනා ක්‍රමයේ  සියළු  ඉදිකිරීම් අවසන් කර ලබන වසරේ ජලය නිකුත් කිරීමට  පියවර ගන්නා බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.අමාත්‍ය වරිය මේ බව සඳහන් කළේ පසුගියදා (26)  ඇල්ලේවැව  වාරි ව්‍යාපෘති පරිශ්‍රයේ  නිරීක්ෂණ සංචාරයක ට එක් වෙමිනි.

    එහිදී අමාත්‍ය වරිය නිලධාරීන් ට  උපදෙස් ලබා දෙමින් කියා සිටියේ  ජලාශයේ ඉදිකිරීම්  වේගවත් කිරීම ට  පියවර ගන්නා ලෙසයි. ආර්ථික දුෂ්කරතාවයට පත්ව සිටින  ගොවි ජනතාව ට  නිසි කලට වේලාවට ජලය සැපයීම තුලින් ඔවුන්ගේ  වගා කටයුතු   සිදුකරගෙන යාමට  විශාල ශක්තිය ක්  වනු  ඇතිබව  ද  හෙතෙම කීවාය.වලවේ ගඟේ අතු ගංගාවක්  වන එරාපෝරු ගඟේ  සිට,  කිතලබොක්ක අමුණ මගින්  ජලය   හරවා යවන කඩිගන්ආරුව ඇල හරස් කර මෙම ඇල්ලේවැව  ජලාශය නිර්මාණය  කෙරේ.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පූර්ණ මෙහෙය වීම යටතේ 2021 වසරේ  ඉදිකිරීම් ආරම්භ  කළ ඇල්ලේ වැව  වාරි ව්‍යාපෘතිය සඳහා  ශ්‍රී ලංකා රජයේ අරමුදල් පමණක්  වැය  කරන අතර එම මුදල රුපියල් මිලියන 1532 කි.

    මෙම   ව්‍යාපෘතියේ  ප්‍රධාන  අරමුණ  වන්නේ   පනාමුර සහ   හුලංදාව ඔය ව්‍යාපාර  යටතේ  වගා කෙරෙන අක්කර 1447  ක් සඳහා  යල මහ දෙකන්නයේ  අඛණ්ඩව  ජල සැපයුම පවත්වාගෙන යාම වේ.

    .

     එමෙන්ම  ඇඹිලිපිටිය  සහ  කොලොන්න ප්‍රදේශයන්හි පදිංචි  ජනතාව ට දීර්ඝ කාලයක් තිස්සේ පවතින  පානීය ජල අර්බුදය ට    ඇල්ලේවැව ජලාශ  ව්‍යාපෘතිය මඟින්  තිරසර විසඳුමක්  ලබා දීමට ද අපේක්ෂා කෙරේ.

    තවද  නව කුඹුරු ඉඩම් අක්කර 350 ක් සඳහා  මෙමඟින් ජලය සැපයීමට ද නියමිතය.

    " නිරීක්ෂණ සංචාරය අතර  තුර  ප්‍රදේශයේ  ගොවි සංවිධාන නියෝජිතයින්  හමුවී ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීමට ද   වන්නිආරච්චි මහත්මිය පියවර ගත්තා ය.

    එහිදී  අමාත්‍ය වරිය   කියා සිටියේ  ඇල්ලේවැව  ව්‍යාපෘතියේ සියළු ඉදිකිරීම්   ලබන වසරේ  මුල් භාගයේ  අවසන් කර   ගොවි ජනතාව ට ජලය නිකුත් කිරීමට පියවර ගන්නා බව යි.

    යෝජනා ක්‍රමය හේතුවෙන්  නිවාස අහිමි  වූ පවුල් 16 ක් සඳහා  නව නිවාස ලබා දී තිබේ.

    එම ජනතාව ගේ   ජීවනෝපාය සංවර්ධනය සඳහා සහාය වන ලෙස  නිලධාරීන් ට උපදෙස් දුන්  පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  එම ජනතාව ගේ  තවදුරටත්  නොවිසඳුණු ගැටලු ඇත්නම් එම  ගැටලු සඳහා  විසඳුම්  ලබා දීමට  පියවර ගන්නා බව ද  හෙතෙම   පැවැසුවා  ය.

    මෙම අවස්ථාවට පනාමුර කාවන්තිස්ස රජමහා විහාරාධිපති වලල්ගොඩ සිරිනන්ද හිමි,  ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු  සභාපති සුරන්ත වීරසිංහ මහතා, ඇඹිලිපිටිය  නගර  සභාවේ හිටපු නගරාධිපති   දිනේශ් මධුසංඛ මහත,

     ඇල්ලේවැව  වාරි ව්‍යාපෘතියේ, ව්‍යාපෘති  අධ්‍යක්ෂ  රොෂාන් ජයසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya