ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා රජය සහ තායිලන්ත රාජ්‍ය අතර ද්වීපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය

    ජනවාරි 30, 2024

    ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්වී පාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා 2018-06-19 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.


    ඉන් අනතුරුව තායිලන්ත පාර්ශ්වය ඉදිරිපත් කර ඇති සං‌ශෝධන ඇතුළත් කරමින් සකස් කර ඇති ගුවන් සේවා ගිවිසුමට නීතිපතිවරයාගේ නිෂ්කාශනය සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ එකඟතාවය ලැබී තිබේ.
    ඒ අනුව දෙරට අතර යෝජිත ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීම සඳහා වරාය  නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya