ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුවේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් නිකුත් කළ නිවේදනය

    ජනවාරි 30, 2024

     පාර්ලිමේන්තුවේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

    පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ කාන්තාවන් කිහිපදෙනෙකුට 2022 වසරේ හා ඊට පෙර  හිරිහැරවූ බව කියන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් මා පාර්ලිමේන්තුවේ මහලේකම් ලෙස පත්වීමෙන් පසුව මා වෙත වාර්තා වූ අතර ඒ අනුව  කථානායකවරයාගේ උපදෙස් යටතේ මේ සම්බන්ධ වැඩිදුර විමර්ශනය සදහා  අභ්‍යන්තර විමර්ශන කමිටුවක් පත්කෙරිණි.

    එම විමර්ශන කමිටු වාර්තාව පසුගියදා මා‍ වෙත ලැබුණු අතර එ් සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබා ගැනීම සදහා එය  නීතිපතිවරයා වෙත යොමු කරන ලදී. එකී වාර්තාව අධ්‍යයනය කරන ලද ගරු නීතිපතිතුමා සිද්ධිය සම්බන්ධයෙන් මුල් පැමිණිල්ලක් වාර්තා කිරීම අවශ්‍ය බවට උපදෙස් දෙන ලදී.

    මේ අනුව අදාළ වාර්තාව මා විසින් පොලිස්පතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදු කරන ලද විමර්ශන අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

    එබැවින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ මා විසින් පත් කරන ලද කමිටු වාර්තාව  නීතිපතිතුමා වෙත යොමු කරනු ලදුව එතුමාගේ උපදෙස් අනුව පොලිස්පතිතුමා වෙත යොමුකර ඒ අනුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිදුකළ විමර්ශන අනුව වේ.

    පාර්ලිමේන්තුව තුළ කුමන තරාතිරමේ අයකු විසින් සිදුකරනු ලබන හෝ මාගේ සේවා කාලයට පෙර හෝ සිදුකරනු ලැබ ඇති ඕනෑම නීති විරෝධි ක්‍රියාවක් සම්බන්ධයෙන් රටේ පවතින නීතිය අනුව කටයුතු කිරීමට මා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය කිසිසේත්ම පසුබට නොවන බවත්, ඒ සදහා  කථානායකතුමාගේ මඟ පෙන්වීම හා උපදෙස්  නිරන්තරයෙන්ම අප වෙත ලැබෙන බවත්  වැඩි දුරටත් සදහන් කරනු කැමැත්තෙමු.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya