ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    රජය ජල සම්පත විකුණන බවට පැතිර යන ප්‍රවෘත්ති‌ය අසත්‍යයක් - ඇමති අමරවීර

    ජනවාරි 31, 2024

    වත්මන් රජය ජල සම්පත  විකිණීමට සහ ජලය සඳහා බද්දක් අය කිරීමට කටයුතු කරන බවට මාධ්‍ය තුළ විවිධ පුද්ගලයින් සිදු කරන ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.


     ජනාධිපති මාධ්‍ය ඒකකයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමින්  අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
    ජලය විකිණීමට රජය පියවර ගනිමින් සිටින බවට ඇතැම් පාර්ශ්වයන්  කළ ප්‍රකාශ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති බව පවසන අමාත්‍යවරයා  මේ සම්බන්ධව කිසිදු ආකාරයකට රජය සාකච්ඡාවක් හෝ  අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී අවධානය  යොමු කර නොමැති බවද අවධාරණය කර ඇත.
    ජල සම්පත පුද්ගලීකරණය හෝ ඒ සඳහා බද්දක් අය කිරීම සම්බන්ධව කිසිදු පියවරක් ගැනීමේ සූදානමක් රජයට නැති බව  පැවසූ අමාත්‍යවරයා  එවැනි අදහසක් ඉදිරිපත් වුවහොත් ඊට පළමුවෙන්ම විරුද්ධ වන්නේ, තමන් බව ද ප්‍රකාශ කර තිබේ.
    නමුත් ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීම සම්බන්ධව රට තුළ ගැටලුවක් පවතී.  විශේෂයෙන් කෘෂිකර්මාන්තයේදී බොහෝ ගොවීන්  ජලය පරිහරණයේදී රජය ලබා දෙන ජල කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන බව හෙතෙම පෙන්වා දේ.
    එහෙත් ඉදිරි යල කන්නයේදී දැඩි නියඟයකට මුහුණ දීමට සිදු වන බවට දේශීය හා අන්තර්ජාතික කාලගුණික අංශ  සිදු කළ  පුරෝකථන අනුව දැනට ජලාශවල ඇති ජලය අරපිරිමැස්මෙන් පාවිච්වි කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය කරන ලද ඉල්ලීමට මෙවර ගොවිජනතාව යහපත් ප්‍රතිචාර දක්වා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.එලෙස ගොවි ජනතාව කටයුකු කිරීම නිසා දැනටත් වැව් හා ජලාශවල ජල මට්ටම් ඉතා යහපත් තත්ත්වයක පවතින අතර, වී වගා කිරීමට අමතරව යල කන්නයේදී වී වගා කිරීමට ජලය ප්‍රමාණවත් නොවන වැව් යටතේ අතිරේක බෝග වගා කිරීම සඳහා ගොවීන් දැනුම්වත් කර ඇති බවද ඒ මහතා  සඳහන් කළේය.
    කෙසේ වෙතත් ජලය විකිණීම සම්බන්ධව දැනට සමාජය තුළ සිදු වන කතාබහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් තමන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත්, එවැනි තීරණයක් රජය ගෙන නොමැති බවත්  අමාත්‍යවරයා අවධාරණයකර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya