ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    අභිමානවත් 76 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සියලු කටයුතු සූදානම්

    ජනවාරි 31, 2024

    අභිමානවත් අන්දමින් 76වන  ජාතික නිදහස් දින සැමරුමට සියලු  කටයුතු සූදානම් බව රාජ්‍ය පරිපාලන,ස්වදේශකටයුතු,පළාත් සභා  හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.අද(31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


    " හදමු අලුත් රටක් '' යන තේමාව යටතේ 76වන ජාතික නිදහස් දිනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදි පැවැත් වේ.

    මෙවර නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් මහතා සහභාගි වීමට නියමිතය. ආගමික සහ සංස්කෘතික වශයෙන් වසර 700ක පමණ නොබෙඳුණු මිතුදමක්, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාව අනුව මෙම ධූත පිරිස මෙරටට පැමිණෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්වී පාර්ශවික වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර, රට ගොඩනැගෙමින් තිබෙන අවස්ථාවක නව සබඳතා අලුත් කර ගැනීමට මෙය අවස්ථාවක් වනු ඇතැයිද හෙතෙම පැවසීය.

    අභියෝග රැසකට මුහුණ දෙමින් රට ඉතාම අසීරු අවස්ථාවක වුවත් පසුගිය වසරේ නිදහස් දින සැමරුම පැවැත් වූ බව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ අභිමානය ලොවට විදහා දැක්වීමට හැකි අවස්ථාවක් ලෙස නිදහස් සැමරුම් උත්සවය සැළකිය හැකි බවත් මෙවර නිදහස් දින උත්සවය සැමරීමට සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරන බවත්  වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya