ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    රතුලූනු වගාව ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් අවධානය

    පෙබරවාරි 02, 2024

    රතුලූණු වගාව මෙම වසර තුළ නැවත නඟාසිටුවීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
    අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ(01) එම දෙපාර්තමේන්තුවේ පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.


    පසුගිය වර්ෂවල ලොකුලූනු වගාව සඳහා ප්‍රමුඛත්වය ලබා දුන්නත්  එම වගාවේ අසාර්ථකවීම් හේතුවෙන් මෙරට රතුලූනු වගාවට ද බලපෑමක් එල්ල විය.විශේෂයෙන් පසුගිය වසරේ අවසාන කාර්තුවේ දී ආනයනික ලොකු ලූනු සදහා එල්ල වූ මිල ඉහළයාමේ බලපෑම හේතුවෙන් ලොකුලූනු මිල  කිලෝග්‍රෑමයක් රුපියල් 600 කට වඩා ඉහළ ගොස් තිබේ.මෙම කාරණා සැළකිල්ලට ගනිමින් රතුලූණු වගාව නඟාසිටුවීමට තීරණය කර ඇත. 2023/24 මහ කන්නයේ දී හෙක්ටයාර් 3126ක රතුලූනු වගා කර තිබුන ද පසුගිය කාලය තුළ පැවැති අධික වර්ෂාව නිසා රතුලූනු වගාවට  හානි සිදුවී තිබේ. මෙවර යල කන්නයේ දී වගා කිරීමට සැළසුම් කර ඇති රතුලූනු වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර් 3543කි. විශේෂයෙන් මෙරට සෑම ප්‍රදේශයකම රතුලූනු වගාව සාර්ථකව සිදු කළ හැකිය. එමෙන්ම පසුගිය කාලවල රතුලූනු වගාව ඉතාමත් හොඳින් සිදු කළ හම්බන්තොට ඇතිළිවැව, මොණරාගල තෙළුල්ල, කුරුණෑගල මොරගොල්ලාගම හා නියඳගම වැනි ප්‍රදේශවලට නැවතත් ප්‍රමුඛත්වය දී වගා කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇත. මීට අමතරව දඹුල්ල, යාපනය, පුත්තලම වැනි දිස්ත්‍රික්කවල ද රතුලූනු වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබේ.‍

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා,

    ලොකුලූණු වගාව මෙරට ආරම්භ කිරීමට පෙර අපේ රටේ රතු ලූනු වගාව ඉතා හොඳින් සිදු කෙරුණා. අපේ රටේ වැඩි පිරිසක් පරිභෝජනය කළේ ඖෂධීය ගුණයෙන් ඉහළ රතුලූණු මිස ලොකු ලූණු නොවෙයි. නමුත් ආහාර සකස් කිරීමේ දී ලූනු කපා ගැනීමේ දී පහසුව පමණක් නිසා ලොකු ලූණු භාවිතය ඉහළ ගියා. මේ නිසාම ඖෂධීය ගුණයෙන් ඉහළ රතු ලූනු වගාව පහළ ගියා.
    නමුත් පසුගිය වසරේ ලොකු ලූණු  හිඟයක් ඇති වූ අවස්ථාවේ ඊට විකල්ප ලෙස යොදා ගත හැකි රතුලූණු තොග අප සතුව තිබුනේ නැහැ. ඒ රතුලූණු වගාව සීමාසහිත වීම නිසායි. එම නිසා මෙම වර්ෂයේ දී අපි රතුලූණු වගාවට ප්‍රමුඛත්වය ලබා දෙනවා. ඒ වුනත් අපි ලොකු ලූණු වගාව අධෛර්යමත් කරන්නේ නැහැ. කැමැති කෙනෙකුට ලොකු ලූණු වගා කළ හැකියි. නමුත් අපි වඩාත් ප්‍රචලිත කිරීමට ප්‍රමුඛත්වය රතුලුණුවලට ලබා දෙනවා යැයි ද අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya