ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය අමාත්‍යවරයා සහ එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක්.

    පෙබරවාරි 02, 2024

    මෙරට සෞඛ්‍ය සේවාව කාර්යක්ෂමව හා විධිමත්ව ඉදිරියට පවත්වාගෙනයාම අරමුණු කරගනිමින් සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (02) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.


    මෙම සාකච්ඡාව සදහා එක්සත් ජාතීන්ගේ ‍මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ (Marc-André Franche), ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං, යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් යන මහත්ම මහත්මීන් ඇතුලු එක්සත් ජාතින්ගේ අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් මෙන්ම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා අනුබද්ධ ආයතනවල නිලධාරින් එක්ව සිටියහ.
    මෙහිදී මෙරට ප්‍රාථිමික සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම, මන්දපෝෂණය දුරලීම, ළමා හා මාතෘ පෝෂණය ඉහළ නැංවීම, මෙරට රෝහල් ඇතුලු සෞඛ්‍ය ආයතනවල භෞතික හා මානව සම්පත් සංවර්ධනය, සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට නවීන තාක්ෂණය යොදා ගැනීම, මෙරටට අවශ්‍ය ඖෂධ තොග හිඟතාවයකින් තොරව පවත්වාගෙන යාමට කළාපීය අත්දැකීම් සහ නවීන තාක්ෂණය යොදාගැනීම යන කරුණු පිළිබදව මුලික අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන්නට විය.
    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙම සාකච්ඡාවේ දී පෙන්වා දෙන ලද්දේ සෞඛ්‍ය සේවාවේ දැනට සේවයේ යෙදී සිටින කාර්ය මණ්ඩලවලින් උපරිම සේවාවක් ලබාගැනීමට තාක්ෂණික ක්‍රමවේද උපයෝගි කර ගැනීම ඉතා වැදගත් වන බවයි. සෞඛ්‍ය වෘත්තිකයින්ගේ පවතින අඩුපාඩුව මගහරවා ගැනීමට කටයුතු කිරිම, තාක්ෂණික හා අධ්‍යාපනික දැනුම ඉහළ නැංවීම තුලින් සෞඛ්‍ය සේවා වැඩිදුයුණු කිරිම, කළාපීය රටවල් සමග සම්බන්ධව අත්දැකිම් ලබාගෙන ඉහළ ධාරිතාවයකින් යුතු වැඩසටහන් දිගින් දිගටම දියත් කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙන ලදි.
    ජාත්‍යන්තර සෞඛ්‍ය නියාමනයන්ට අනුබද්ධව සහ අනුකූලව රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයක් (Centers for Disease Control and Prevention) කළාපීය ආයතනයක් ලෙස මෙරට පිහිටවීමේ අවශ්‍යතාවය ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.
    මෙරට මන්දපෝෂණය අවම කිරිම සදහා යුනිසෙෆ් සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධීකරණයෙන් වැඩසටහන් රැසක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරිමටත්, ප්‍රාදේශීය රෝහල් මූලික රෝහල් සී කාණ්ඩය දක්වා සංවර්ධනය කිරීම පිළිබදවත් මෙහිදී සාකච්ඡා විය.
    මෙරට සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය සදහා මෙවැනි විද්වත් සාකච්ඡා මහෝපකාරි වන බවත්, ඉදිරියටත් මෙවැනි සාකච්ඡා පවත්වා අදහස් හුවමාරු කර ගැනිම ඉතා වැදගත්වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya