ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා නාවික හමුදා සහය

    පෙබරවාරි 03, 2024

    රෝහල් වෙතින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට සිදුවන අපහසුතාවය මඟ හරවා ගැනීම සඳහා, දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල් වෙත නාවික හමුදා වෛද්‍ය සහයක කණ්ඩායම් අනුයුක්ත කිරීමට පසුගිය දින දෙකේදී නාවික හමුදාව විසින් කටයුතු කර තිබේ.

    ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත, කොළඹ ජාතික රෝහල, මුල්ලේරියාව මානසික රෝහල, වැලිසර ළය රෝහල, කිරිබත්ගොඩ මූලික රෝහල, කරාපිටිය ශික්‍ෂණ රෝහල, ත්‍රිකුණාමලය මහ රෝහල සහ මැදවච්චිය මූලික රෝහල වෙත මෙලෙස වෛද්‍ය සහයක කණ්ඩායම් අනුයුක්ත කෙරුණු අතර, එම වෛද්‍ය සහයක කණ්ඩායම් මඟින් මහජනතාවට අඛණ්ඩව වෛද්‍ය සේවාවන් සැපයීමට එම රෝහල් කාර්යය මණ්ඩල හා එක්ව කටයුතු කෙරිණි.

    තවද, ඕනෑම හදිසි තත්වයකදී මහජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya