ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    නව වැනි පාර්ලිමේන්තුවේ පස්වන සැසිවාරය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

    පෙබරවාරි 07, 2024

    නව වැනි පාර්ලිමේන්තුවේ පස්වන සැසිවාරය විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) සිදු කෙරිණි.

     

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පැමිණීමෙන් පසු, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පැමිණීම සිදු  වූ අතර  අනතුරුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සිදු විය.

    එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා ලදී. අනතුරුව වේත්‍රධාරි සහ නියෝජ්‍ය වේත්‍රධාරි පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලැබීය

    එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර, ජනාධිපතිතුමාට සහ පාර්ලිමේන්තුවට ආශිර්වාද එක්  කළහ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ආරම්භ විය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බල වේගයේ මන්ත්‍රිවරු පිරිසක් ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය ආරම්භ කිරීමත් සමග සභාගැබෙන් පිටවගියහ. එහෙත් එම පක්ෂයේ රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, ෆිල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා,ඉෂාක් රහුමාන් , වඩිවෙල් සුරේෂ්, ඒ.එච්.එම් ෆවුසි සහ  ෆයිසල් කාසිම්   ඇතුළු  සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු  දස දෙනෙක්  සභාගර්භයේ දිගටම රැඳී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya