ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නව අධ්‍යානාංශ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරේ

    පෙබරවාරි 08, 2024

    රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සමුද්‍ර ඉංජිනේරු සහ නාවික ගෘහ නිර්මාණ ශිල්පය දෙපාර්තමේන්තුවේ නව අධ්‍යනාංශ ගොඩනැගිලි සංකීර්ණය “Department of Marine Engineering Naval Architecture Building” විවෘත කිරීම අද (08) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

    අධ්‍යයන කටයුතු වලට අදාල යන්ත්‍ර සූත්‍ර, නවීන උපකරණ හා ආයතනික භාණ්ඩ ඇතුළු අංග සම්පූර්ණ නව ගොඩනැගිල්ල සඳහා ඇස්තමේන්තු ගත මුළු පිරිවැය රුපියල් මිලියන 943 කි. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ලද්දේ මධ්‍යම ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම (CESL) මගිනි. මෙම නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පැවැති අපහසුතා මධ්‍යයේ වුවද අඛණ්ඩව සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද දින විවෘත කිරීමට අවස්ථාව ලැබී ඇත.

    මෙම උපාධි පාඨමාලාව බොහෝ ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරමින් සකස් වී ඇති අතර සමුද්‍ර විද්‍යාව, සමුද්‍ර නිර්මාණ සඳහා පරිගණක මෙවලම් භාවිතය, සමුද්‍ර ඉංජිනේරුවන් හා නාවික ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහා ඉංජිනේරු නිර්මාණ පලපුරුද්ද ලබාදීම, නැව් සැලසුම් හා ඉදිකිරීම් තාක්ෂණය මෙන්ම  තවත් බොහෝ ක්ෂේත්‍ර ගණනාවක්ම ආවරණය කරමින් නිර්මාණය වී ඇත. නාවික ඉංජිනේරු හා නෞකා නිර්මාණ අධ්‍යයන අංශයේ ඉගෙනීම් කටයුතු 2019 වසරේ විද්‍යාර්ථයෙන් විසි දෙදෙනකුගේ ආරම්භ කරනු ලැබූ අතර මේ වන විට ශිෂ්‍යයන් එකසිය පනස් දෙනෙකු පමණ අධ්‍යයන කටයුතු සිදු කරයි

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ රැකියා ක්ෂේත්‍රයට පිවිසීමට සෘජුවම දායකත්වයක් ලබාදීමට සමත් වන්නා වූ මෙම නව අධ්‍යනාංශය විද්‍යාර්ථීන් හට උසස් රැකියා වෙත පිවිසීමට මහඟු පිටිවහලක් වන බවයි. මෙමගින් රටට විදේශ විනිමය ලබා ගැනීමට ද හැකියාව පවතින බවත්, මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා දායක වූ ශ්‍රී ලංකා රජයට, අධ්‍යාපන අමාත්‍යංශයට, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට, ගාල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්ට මෙන්ම විශ්ව විද්‍යාලයේ මීට අදාළ අංශවල සියලුම ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු සියළු කාර්ය මණ්ඩලයට සිය ස්තුතිය ප්‍රකාශ කරන බවද පැවැසීය.

    මෙම අවස්ථාවට රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ආචාර්ය අකුරැටියේ නන්ද හිමිපාණන්, රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන, රුහුණ විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඊ. පී. එස් චන්දන, ඉංජිනේරු පීඨයේ පිඨාධිපති ආචාර්ය එච්.සී. අඹවත්ත, ලේඛකාධිකාරි පී. එස්. කළුගම ඇතුලු ආචාර්ය මහාචාර්යවරුන් රැසක් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya