ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    දිඹුලාගලින් සොයා ගත් ලංකාවේ දිගම සෙල් ලිපියේ පිටපත මහජනතාවට දැන ගැනීමට සැළැස්විය යුතුයි - ඇමති විදුර වික්‍රමනායක

    පෙබරවාරි 08, 2024

    පසුගිය දා සොයාගත් ලංකාවේ දිගම සෙල්ලිපිය වන දිඹුලාගල සෙල්ලිපිය  තවදුරටත් හැදෑරිමකට ලක් කල  යුතු බවත්,එම සෙල්ලිපියේ පිටපත මහජනතාවට ද දැනගැනීමට සැලැස්විය යුතු බවත් බුද්ධශාසන, ආගමික අමාත්‍ය විදුර වික්‍රමනායක කටයුතු මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,අද (08) රජයේ ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    ක්‍රි. පු 2 වන සියවසට අයත් යැයි අනුමාන කෙරෙන මෙම සෙල්ලිපිය  අඩි 48 ක පමණ දිගින් හා අඩි 10ක් පමණ උස ගල් පර්වතයකින් මෙය සොයා ගෙන තිබේ.දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ආසන්නයේ පිහිටා ඇති මෙම සෙල්ලිපිය පූර්ව බ්‍රාහ්මණ අක්ෂර 1000කට වඩා මෙහි දක්නට ලැබෙන බව මහාචාර්යය මාලිනි ඩයස් මහත්මිය පවසයි.වැඩිදුරටත් අදහස් දැක් වු මහාචාර්යයවරිය සදහන් කළේ,ක්‍රි.පු 2 සියවසට අයත් බොහෝ සෙල්ලිපි හමුවන්නේ,ලෙන් ලිපි ලෙසින් බවයි.එය බොහෝවිට ජනතාව විසින් සංඝයාට පුජා කිරිම් සදහන් වේ.

    මෙහි ගම්,පුද්ගල නාම,මැණික්කරුවෙක් ගම්පාලකයෙක් ,කුමාරවරයෙක්, ප්‍රමුඛ ආචාර්යවරයෙක් යනා දි සදහන් වි තිබේ.මෙය තවදුරටත් අධ්‍යයනයට ලක් කිරිමට බලාපොරොත්තු වන බව මහාචාර්යය මාලිනි ඩයස් මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya