ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    වසර කිහිපයක් ග්‍රාමීය ජනතාවට අහිමි වූ සංවර්ධනය යළි ආරම්භ කරනවා - ඇමති නිමල් සිරිපාල

    පෙබරවාරි 08, 2024

    රජය අය කර ගන්නා  බදු මුදල් වලින් ජල යෝජනා ඇතුළු  ග්‍රාමීය ජනතාව වෙනුවෙන් විවිධ  සංවර්ධන යෝජනා සඳහා දැවැන්ත මුදලක් වෙන් කර ඇතැයි  වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද(08)පාර්ලිමේන්තුවේදී  පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රාජාසන කතාව විවාදය පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමිණි.

    රනිල් වික්‍රමසිංහ මහතාගේ පැහැදිළි ආර්ථික වැඩපිළිවෙළ යටතේ ජනතා අභිලාශයන් ඉටු කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවද කීය. රට ගොඩ නැගීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට ජාත්‍යන්තරයෙන් පවා සුබ පැතුම් එක් කර ඇති බවත් ජාත්‍යන්තරය තුළ අපේ රට පිළිබඳ විශාල විශ්වාසයක් ගොඩ නැගී ඇතැයිද අමාත්‍යවරයා කීය.ජාත්‍යන්තරය සමග එක් නොවී අප වැනි රටකට ආර්ථිකය ඉදිරියට ගෙන යෑම අසීරු බව හෙතෙම පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    ගිය මාසයේ විතරක් සංචාරකයෝ ලක්ෂ 02ක්  මෙරටට පැමිණි තිබෙනවා. අරගලය සමයේ 25ක්වත් ආවේ නැහැ. සංචාරක ව්‍යාපාරය මෙලෙස දියුණු කර , ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයට හැකි වී තිබෙනවා. එකදු ඩොලරයක් හෝ නොතිබුණු රටකට  ඩොලර් බිලියන 4.4ක සංචිතයක් ඇති කර ගැනීමට හැකිවී තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය නිවැරදි ආර්ථික දර්ශනය නිසා බවද හෙතෙම පැවසීය.

    ජනතාව පිනවීම සඳහා සිල්ලර වැඩ කරන අය ඉන්නවා. නමුත් රට ගෙන යාම සඳහා  සිදු කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළ ඔවුන් කියන්නේ  නැහැ.කොච්චර හොඳ වැඩ තිබුණත් හොඳ ක්‍රියාත්මක කරන්නෙක් (implementor) නැත්නම් වැඩක් නැහැ. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය හයිය, ශක්තිය, ධෛර්ය නායකයෙකුට තිබිය යුතුයි. මෙම රජය එම වගකීම අකුරටම ක්‍රියාත්මක කර තිබෙනවා.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තවත් මාසයකින් දෙක තුනකින් අවසන් වෙනවා. ඊට පසු නැවත ආයෝජන අරඹන්න හැකියාව ලැබෙනවා. නමුත් විපක්ෂය කියනවා මැතිවරණය තිබ්බොත්  මෙම ගැටලු විසඳෙන බව.

    ජනාධිපතිවරණයට ලෑස්ති වෙන්න. අපිත් ලෑස්ති වෙනවා.

    ඉන්ද්‍රජාලකයින් බලයට පත් කිරීමට තරම් ජනතාව මෝඩ නැහැ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya