ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    රට ගොඩනැඟීමේ ඉලක්කය සපුරාලීමේ ගෞරවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දිය යුතුයි

    පෙබරවාරි 08, 2024

    ජනතාව අපේක්ෂා කරන ආකාරයට රට ගොඩනැඟීමේ ඉලක්කය සපුරාලීමේ ගෞරවය ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ මහතා වෙත ලබා දිය යුතු යැයි රාජ්‍ය ආරක්ෂක ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසීය.


    රට හදන වැඩපිළිවෙළට පක්ෂ පාට භේද නොතකා සියලුදෙනා එක්ව රට ගොඩනඟමු යැයි ජනාධිපතිවරයා කළ ආරාධනාවට, රටට ආදරය කරන සියලුදෙනා එක්විය යුතු බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
    නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ කල්තැබීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

    රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
    රට බංකොළොත්ව තිබියදී මේ රට භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැහැ. රට බාර ගැනීමට සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. රට අරාජිකව පවතින විට සජිත් මහතා ජනාධිපතිකම භාරගන්න බැහැ කිව්වා.
    ඒ වගේම අනුර දිසානායක මහතා අගමැතිකම බාරගන්නත් බෑ කීවා. මේ රට බාර ගැනීමට කිසිම කෙනෙක් අකමැති අවස්ථාවක තමයි රනල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මේ රට භාර ගත්තේ.
    අද වන විට රට ගොඩගැනීම ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිවරයා සමඟ අපට ඇතැම් අවස්ථාවලදී මත ගැටුම් ඇති වෙනවා. අපි ඒවා සාකච්ඡා කර විසඳා ගන්නේ රටට හිතකර විදියට.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya