ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    මහවැලි කලාපයේ කෘෂි සංවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය

    පෙබරවාරි 15, 2024

    සුහුරු තාක්ෂණය පදනම් කරගනිමින් මහවැලි කලාප තුල කෘෂිකාර්මික හා පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සහාය වන්නැයි වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළ ඉල්ලීමකට, ආසියානු සංවර්ධන බැංකුවෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබේ.

    ඒ අනුව, (SMART AGRICULTURE) නවීන තාක්ෂණය සහිතව කෘෂිකර්ම සහ සත්ව පාලන අංශයන්හි සංවර්ධනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 08 ක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළකර ඇත.

    පසුගියදා වාරිමාර්ග අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා සිටියේ, මහවැලි කලාපවල සිටින තරුණ තරුණියන් සුහුරු කෘෂිකර්මාන්තය (SMART AGRICULTURE ) කෙරෙහි ඉහළ උනන්දුවක් දක්වන බැවින්, ඔවුන්ට මූල්‍ය සහාය මෙන්ම, ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ලබාදීමට ද සහාය වන ලෙස යි.

    මෙම ඉල්ලීම සලකා බැලූ ආසියානු සංවර්ධන බැංකුව, කෘෂිකර්මාන්තය නවීකරණය තුලින් ඵලදායිතාව උසස් මට්ටමකට ගෙන ඒම සඳහා වන වැඩසටහන් වෙනුවෙන් මෙම ප්‍රතිපාදන ලබාදීමට එකඟතාව පළකර තිබේ.


    ඊයේ(14) පෙරවරුවේ මහවැලි අධිකාරියේ ඉහළ නිලධාරීන් කැඳවා පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ, මෙම ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ආධාරය මහවැලි කලාප ජනතාව ලද ජයග්‍රහණයක් බව යි.

    වර්තමානයේ රට මුහුණ දී තිබෙන ආර්ථික දුෂ්කරතාවය හමුවේ, රටට අවශ්‍ය ආහාර රට තුළම නිෂ්පාදනය කර ගැනීමට උනන්දු කරවීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ අභිලාෂය වී තිබේ. ඒ සඳහා මෙවර අයවැය යෝජනා තුලින් ද අවශ්‍ය මඟපෙන්වීම ලබා දී ඇත. කෘෂිකර්මාන්තය නවීකරණය (modern agriculture) සඳහා ප්‍රමුඛතාවය ලබා දීම තුළින් රටට අවශ්‍ය ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නැංවීම ට පියවර ගැනේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya