ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    කෝට්ටේ බුද්ගමුව පාරේ රථවාහන තදබදය මාස තුනක් තුළ අවසන් කරනවා

    පෙබරවාරි 16, 2024
    කෝට්ටේ බුද්ගමුව පාරේ රථවාහන තදබදය මාස තුනක් තුළ අවසන් කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊ‍යේ(15) ප්‍රකාශ කළේය.
    දෛනිකව විශාල රථවාහන තදබදයකට හේතුවන රාජගිරිය කොටුවේගොඩ හා බුත්ගමුව අතර පිහිටි පටු පාලම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණයක චාරිකාවක නිරත වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.උදෑසන රාජකාරි වේලාව තුළ සහ සවස කාර්යාල අවසන් වන වෙලාවේදීත්, කොළඹ දෙසට ඇතුල්වීමේදී සහ කොළඹින් පිටවීමේදී දෛනිකව අති විශාල රථ වාහන තදබදයක් මෙම පටු පාලම හේතුවෙන් මතුවන බව අමාත්‍යවරයා මෙම අවස්ථාවේදී නිරීක්ෂණය කළේය.මෙම ස්ථානයේ ස්ථිර ලෙස පාලම පළල් කිරීමට හෝ නව පාලමක් ඉදිකිරීමට ප්‍රතිපාදන සම්පාදනය කරගන්නා තුරු, පවතින රථ වාහන තදබදය අවම කිරීමට රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව සතුව පවතින භාවිතා කරන ලද යකඩ ඇතුළු සම්පත් යොදා ගනිමින් තාවකාලික පාලමක් මස තුනක් ඇතුළත ඉදිකිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මෙම අවස්ථාවට එක් වූ නිලධාරින් වෙත උපදෙස් ලබා දුන්නේය.
     ඒ වෙනුවෙන් නිර්මාණ දායකත්වය ලබාදීමට මාර්ග සංවර්ධන අධිකාරියටත් ඉදිකිරීම් කටයුතු සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව වෙතත්  අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී. මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රද්ධා වීරකෝන්, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතික සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහතා, රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිලිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම නිරීක්ෂණය සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya