ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    දිවු­ල­පි­ටියේ වාහන තද­බ­දය විසඳන්න පියවර

    පෙබරවාරි 20, 2024

    දිවු­ල­පි­ටිය නගර මධ්‍යයේ ප්‍රධාන ඔර්ලෝසු කණුව ආශ්‍රිත මංස­න්ධියේ දෛනි­කව ඇති­වන රථ­වා­හන තද­බ­දය වැළැ­ක්වීම සම්බ­න්ධව ගත­හැකි ක්‍රියා­මාර්ග පිළි­බ­ඳව පරීක්ෂා කිරී­මට ප්‍රවා­හන, මහා­මාර්ග හා ජන­මාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා එම ප්‍රදේ­ශයේ විශේෂ නිරී­ක්ෂ­ණ­ය­කට එක් විය.

    විදු­ලි­බල හා බල­ශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනු­රුද්ධ මහ­තාගේ ආරා­ධ­නය පරිදි දිවු­ල­පි­ටිය නග­රය ආශ්‍රි­තව නිරී­ක්ෂ­ණ­යට එක් වූ අමා­ත්‍ය­ව­රයා එහි පව­තින රථ වාහන තද­බ­දය අවම වන ආකා­ර­යට මංස­න්ධිය ආශ්‍රිත ප්‍රදේ­ශය වැඩි­දි­යුණු කිරීම සඳ­හාත් දැනට තාව­කා­ලික ඉදි­කි­රීම් ඇතුළු විවිධ හේතුන් මත අව­හි­රව පව­තින පදික වේදි­කාව ක්‍රම­වත්ව ස්ථාපිත කිරී­ම­ටත් නග­රයේ අවි­ධි­මත් ලෙස සිදු කෙරෙන රථ­වා­හන නතර කිරීම සඳ­හාත් විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කිරී­ම­ටත් මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ නිල­ධා­රීන් වෙත උප­දෙස් ලබා දුන්නේය.

     

    මෙම වැඩ­පි­ළි­වෙළ සඳහා ප්‍රදේ­ශයේ පොලිස් ස්ථානය, නග­රයේ වෙ‍ෙළඳ ප්‍රජාව ඇතුළු සියලු දෙනාගේ ද අද­හස් හා යෝජනා ලබා ගනි­මින් කඩි­න­මින් මෙම ව්‍යාපෘ­තිය ක්‍රියා­වට නංවා නග­රයේ පව­තින රථ­වා­හන තද­බ­දය අවම කිරී­මට කට­යුතු කරන බව අමා­ත්‍ය­ව­රයා අව­ධා­ර­ණය කළේය.

    මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රාල් ශ්‍රද්ධා වීර­කෝන් මහතා, බස්නා­හිර පළාත් අධ්‍යක්ෂ දර්ශන රුවන් මහතා, දිවු­ල­පි­ටිය පොලිස් ස්ථානා­ධි­ප­ති­තුමා ඇතුළු නිල­ධා­රීන්, ප්‍රදේ­ශයේ ව්‍යාපා­රික ප්‍රජාව ඇතුළු පිරි­සක් මෙම නිරී­ක්ෂ­ණය සඳහා එක්ව සිටි­යහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya