ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    යෝජිත ඉන්දීය ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

    පෙබරවාරි 20, 2024

    යෝජිත ඉන්දීය - ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමෙහි 13 වන වටයේ සාකච්ඡා 2024.01.08 දින සිට 10 දින දක්වා නවදිල්ලියේදී පවත්වනු ලැබ තිබේ.


    එහිදී භාණ්ඩ වෙළෙඳාම , පූර්විකාව, සාමාන්‍ය විධිවිධාන හා සාමාන්‍ය ව්‍යතිරේක, සේවා වෙළෙඳාම ප්භ‍රවස්ථාන රීති, රේගු පටිපාටිය හා වෙළෙඳාම පහසුකරණය, සනීපාරක්ෂාව හා ශාක සනීපාරක්ෂාව පිළිබඳ මිනුම් , වෙළෙඳාම සඳහා වන තාක්ෂණික බාධක, වෙළෙඳ විමසුම් සහ ආර්ථික හා තාක්ෂණික සහයෝගාවාව යන අනුකමිටු නවය විසින් සාකච්ඡා පවත්වා ඇත. 2024 පෙබරවාරි මස අග භාගයේදී ගැටුම් නිරාකරණය හා අවසන් විධිවිධාන පිළිබඳ අනුකමිටුව නවදිල්ලියේදී අදාළ පරිච්ඡේදය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඒසේම, යෝජිත සහයෝගිතා ගිවිසුමේ 14 වන වටයේ සාකච්ඡා 2024 මාර්තු පළමුවන සතියේ පැවැත් වීමට සැලසුම්කර ඇත. යෝජිත ඉන්දීය ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමෙහි වර්තමාන තත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වීසින් ඉදිරිපත් කළ එම තොරතුරු අමාත්‍ය මණ්ඩලය සැලකිල්ලට ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya