ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පරාටේ බලතල තාවකාලිකව අත්හිටුවීමට අදාළ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

    පෙබරවාරි 21, 2024

    මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයකයන් රැක ගැනීමේ අරමුණෙන් පරාටේ බලතල නිශ්චිත කාලයකට අත් හිටුවීම පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද(21) පාර්ලිමේන්තුවේදි පැවසීය. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය. අද පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයේ පිළිතුරු කතාව පවත්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

     ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැක ගැනීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට විවිධ චක්‍ර ලේඛ 15ක් නිකුත් කර ඇති බව පැවසීය. පරාටේ බලතල සම්බන්ධයෙන් රට තුළ කතා බහක් ඇති වී ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ එම නීති හඳුන්වා දී ඇත්තේ බැංකු පද්ධතියේ ආරක්ෂාව සඳහා බවයි. බැංකුවල ආරක්ෂාව තහවුරු කරමින් පරාටේ බලතල තාවකාලිකව අත්හිටුවීම සඳහා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya