ජූනි 08, 2025
tami eng youtube  twitter facebook

    නවගමුව ප්‍රාදේශීය රෝහලට රුපියල් මිලියන 15ක නව ගොඩනැගිල්ලක්

    පෙබරවාරි 21, 2024

    නවගමුව ප්‍රාදේශීය රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරිමට රුපියල් මිලියන 15 ක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ  මහතා පියවර ගත්තේය.

    සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (20) නවගමුව ප්‍රාදේශිය රෝහලේ විශේෂ නිරික්ෂණයක නිරත විය. මෙම නිරීක්ෂණය සදහා අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද එක්ව සිටියහ.

    මෙහිදී නවගමුව ප්‍රාදේශිය රෝහලේ පාලන අධිකාරිය විසින් රෝහල් පරිශ්‍රය තුල අළුතින් ඉදිකිරීමට අදහස් කරනු ලබන බෝ නොවන රෝග ඒකක ගොඩනැගිල්ල පිළිබදව කරුණු පැහැදිලි කළ අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා එම පරිශ්‍රය පරීක්ෂාවට ලක් කිරීම ද මෙහිදී සිදු විය.

    බෝ නොවන රෝග ඒකක ගොඩනැගිල්ල මහල් දෙකකින් යුක්තව ඉදිකිරිමට රෝහල් පාලන අධිකාරිය අදහස් කරන අතර, මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලද්දේ බාහිර රෝගී අංශය, සායන සහ රසායනාගාර ද සහිතව එම ගොඩනැගිල්ල ඉදිකිරීම යෝග්‍ය වන බවයි. එම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 15 ක මුදලක් ලබාදීමට කටයුතු කරන බවත්, ගොඩනැගිල්ල ඉදිකිරිමට අදාලව මුලික සැලසුම සහ වියදම් ඇස්තමේන්තු කඩිනමින් සකස් කර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙස ද උපදෙස් ලබාදෙන ලදි.

    සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය, බාහිර රෝගී අංශය සහ වාට්ටු නිරික්ෂණය කිරිම ද මෙහිදී සිදුවිය.

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ  වර්තමානයේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ලැබෙන අරමුදල් වලින් රුපියල් ලක්ෂ 110 ක පමණ මුදලක් රෝහලේ සංවර්ධනය සදහා ලබාදීමට පොරොන්දුව ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස මේ වසරේ අළුතින් ගොඩනැගිලි ඉදිකිරිමට අවසරය නොතිබුනත් ආරම්භ කිරිමට අදහස් කරන ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් මිලියන 15 ක මුදලක් ලබාදීමට කටයුතු කරන බවයි. මිලියන 25 ක පමණ මුදලක් මෙම කටයුත්ත සදහා වැයවන බැවින් කඩිනමින් අදාල සැළසුම් සකස් කරගෙන වැඩකටයුතු ආරම්භ කරන ලෙස ද පැවැසීය.

    විශාල ජනගහනයක් සහිත ප්‍රදේශයක මෙම රෝහල පිහිටා තිබෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ රෝග වළක්වා ගැනිම සහ ප්‍රාථමික ප්‍රතිකාර සේවා වැඩිදියුණු කිරිම බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසූ අතර, ඉන් ප්‍රධාන රෝහල්වල රෝගී තදබදය අවම කර ගත හැකි බවද පැවසීය. පසුගිය කාලය තුල රෝහල් 20 ක් පමණ නිරික්ෂණය කළ බවත්, රෝගී ඇදන්වල යෝග්‍යතාවය හා භාවිතය පිළිබදව අවධානය යොමු කළ බවත් එය සමහර රෝහල් වල සියයට 20 මට්ටමේ පවතින බව ද පැවැසීය. 1948 දී  රෝගී ඇදන් 16,000 ක් පැවැති බවත් මේ වන විට රෝහල් පද්ධතියේ ඇදන් 90,000 ක් බවද පැවැසීය. එම ඇදන් වලින් වැඩි ප්‍රමාණයක් හිස්ව තිබෙන බවත්, එය ඉතා හොද තත්ත්වයක් බවද පැවැසිය. ඒ වෙනුවෙන් නව ක්‍රමවේද සකස් කළ යුතු බවද කීය.

    ලංකාව දියවැඩියාව හා අධික රුධිර පීඩනය අතින්  අතින් දකුණු ආසියාවේ වැඩිම ප්‍රතිශතයක් පෙන්නුම් කරන බවත්,  දියවැඩියාව, අධිකරුධිර පීඩනය, පිළිකා, වකුගඩු රෝග පිළිබදව ප්‍රතිකාර කිරිම සහ  පසුවිපරමක් සිදු කළ යුතු බවත් ඒ සදහා වඩාත් සුදුසු ස්ථානයක් ලෙස මෙම ස්ථානය පෙන්වා දිය හැකි බව ද කිය.

    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දීප්ති පෙරේරා මහත්මිය, කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දන ගජනායක, ‌සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැපයීම්) එච්.එම්.එන් දිනිප්‍රිය හේරත්, නවගමුව ප්‍රාදේශිය රෝහලේ ආයතනභාර ප්‍රධාන වෛද්‍ය නිලධාරි ඒ.එම් නන්දකුමාර,  යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya