ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නියම වෙලාවට ජනාධිපතිවරණය පවත්වනවා - ඇමති නිමල් සිරිපාල ද සිල්වා

    පෙබරවාරි 21, 2024

    රජය නියම වෙලාවට ජනාධිපතිවරණය පවත්වන බවත් ඒ සඳහා සූදානම් වන්නැයි වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    මේ රට අගාධයෙන් මුදවා ගත්, මේ රටේ ආර්ථිකය නිසි මගට හැරවූ නායකයා හැර වෙනත් නායකයෙකුට ඉඩක් නැති බවත් නිසි  තීන්දුව ගැනීමට මෙරට ජනතාව බලා සිටින බවද හෙතෙම පැවසිය. රටේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් විපක්ෂය ගෙනා සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් නිමල් සිරිපාලද සිල්වා මහතා මේ බව පැවසීය.

    බොරු කතා කියමින් දේශපාලන පොර පිටියේ රැඳී සිටීමට විපක්ෂය උත්සාහ ගන්නා බවත් මේ රටේ ව්‍යාවස්ථාව අනුව ජනාධිපතිවරණය නොපවත්වා සිටීමට නොහැකි බවද හෙතෙම කීය. මේ රටේ ජනතාව සෑම විටම තෝරා ගන්නේ ප්‍රථිපල පෙන් වූ නායකයෙක් බවද හෙතෙම පෙන්වා දුන්නේය

    අද විපක්ෂ නායකයවරයා කොහොමද ආර්ථිකය සකස් කරන්නේ කියන වැඩපිළිවෙළ පැහැදිළි කරන්නේ නැහැ. විදේශ ආයෝජන ගෙන ඒමේ වැඩපීළිවෙළ සම්බන්ධය කුමක්ද කියා කියන්නේ නැහැ. හර්ෂද සිල්වා මහතා හොඳ ප්‍රකාශයක් කර තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුද මිස වෙන විකල්පයක් නැති බව  ඒ මහතා කිවුවා. විපක්ෂ නායකවරයා අපි කියන දෙය අහන් නැත්නම් එතුමාගේ පක්ෂයේ හර්ෂද සිල්වා මහතා කියන එක අහන්න ඔින. එය හොඳ ප්‍රකාශයක්. අද ජනතා විමුක්ති පෙරමුණේ නියම ස්වරූපය හෙළිවලො තිබෙනවා. ඔවුන් ඉන්දියාවට ගියා. මම නම් ඊට ගොඩක් කැමතියි. ඉන්දීය දෙවන පෙළෙ නායකයින් සමග කාල බීල ආපු එක ගැන මට ගොඩක් සතුටුයි.

    විපක්ෂ නායකවරයා හැම දාම ඇවිත් එකම දෙය කියනවා. නමුත් නායකත්වය කියන්නේ අනෙක් දෙවන පෙළට අවස්ථාව දෙන එක. විපක්ෂයට අද මාතෘකා නැහැ.

    රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කිරීම දුන්නා. අස්වැසුම දුන්නා. මේ හැමදේම අද අපි දීලා තියෙන්නේ. දැන් කියනවා ජනාධිපතිවරණය තියන් නැහැ කියලා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බංකොළොත් වූ රට එයින් මුදවා ගත්තා.

    මහ බැංකුවේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය.

     රට මේ විදියට අපහසු තත්වයක තිබියදී, සහ අනෙකුත්  රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක පඩියක් ලැබෙද්දී මෙම මහ බැංකුවේ පිරිස පමණක් මෙලෙස වැටුප් වැඩි කර ගැනීම වැරදි බවද හෙතෙම පෙන්ා දුන්නේය.හැන්ද තිබෙන මහ බැංකුව තමාටම බෙදා ගැනීම වැරදි බව හෙතෙම පැවසීය. මේ රටේ මූල්‍ය පාලනය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. එය ව්‍යවස්ථාව විසින් සහතික කර තිබෙනවා.මූල්‍ය පාලනය පිළිබඳව සම්පූර්ණයෙන් වග කිව යුත්තේමහ බැංකුවට බවද හෙතෙම ප්‍රකාශ කළේය.නීතිය මඳකට පැත්තකින් තබා සදාචාරාත්මක පැත්තෙන් සිතුවත් රට  අමාරු තැනක තිබියදී මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කර ගැනීම වැරදි බවද  අමාත්‍යවරයා සඳහන් කළේය.

    අනෙකුත් රාජ්‍ය සේවකයන්ට රුපියල් දහදාහක් පමණක්  ලැබෙද්දී මේ අය බෙදා ගැනීමේ සදාචාරය කුමක්දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

    රටේ මූල්‍ය පාලනය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව කී අමාත්‍යවරයා එය ව්‍යවස්ථාවෙන් ද සහතික කර තිබෙන්නේ යැයිද ආයතනයක් ස්වාධීනයි කියා රට උපයන මුදල් ඒ ආයතනයට හිමි වන්නේ නැතැයි ද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya