ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජාතික මාධ්‍ය සංකථන ශාස්ත්‍රීය ග්‍රන්ථයේ තුන් වන වෙළුම එළිදැක්වේ

    පෙබරවාරි 27, 2024

    ජාතික මාධ්‍ය සංකථන ශාස්ත්‍රීය සංග්‍රහයේ iii වන වෙළුම එළිදැක්වීම, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදු විය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය පර්යේෂණ අංශය,විශ්වවිද්‍යාල ජනමාධ්‍ය අධ්‍යයන අංශ සමඟ ඒකාබද්ධව මෙම කෘතිය සම්පාදනය කර තිබේ “සංඛ්‍යාක සංස්කෘතිය මාධ්‍ය ආචාර ධර්ම සහ නියාමනය” යන්න මෙවර මාධ්‍ය සංකථන ග්‍රන්ථයේ තේමාව වේ. ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක් සහ වෘත්තීය ජනමාධ්‍ය කලාවක් බිහිකිරීමෙහිලා ඉහළ මාධ්‍ය සාක්ෂරතාවයකින් යුත් සබුද්ධික ශ්‍රී ලාංකේය ජනමාධ්‍යයක් නිර්මාණය කිරීමේ නූතන ජනමාධ්‍ය අභියෝගය පර්යේෂණාත්මකව අධ්‍යයනය කරමින් මෙම කෘතිය රචානා කර තිබේ‍.
    ලාංකීය සමාජය තුළ ප්‍රබුද්ධ මාධ්‍ය සංවාදයක් අතිශය වැදගත් බවත් ඒ සඳහා මෙම කෘතිය විශාල සහයක් ලබා දෙන බවත් මෙම අවස්ථාවට එක් වූ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
    සත්‍යය ගැඹුරින් සමාජ ගත කළ හැකි මාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීමට හැකිනම් එය වැදගත් බව හෙතෙම පෙන්වා දුන්නේය. දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීමට නම්, එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහාය අන් කවරදාටත් වැදගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ශාස්ත්‍රීය ග්‍රන්ථය සඳහා බුද්ධිමය දායකත්වය සැපයූ සියලුම විද්වතුන්ට සිය ස්තුතිය පුද කළේය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න සහ මෙම ග්‍රන්ථයෙහි සංස්කාරක මණ්ඩල සාමාජිකයින් වන කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ හිටපු අංශාධිපති මහාචාර්ය ටියුඩර් වීරසිංහ, ඇතුළු විද්වතුන් සහ පාසල් සිසුන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya