ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මත්ද්‍රව්‍ය මැඬලීම මෙන්ම සංවිධානාත්මක අපරාධ මැඬලීමට කැප වෙනවා - නව පොලිස්පතිවරයා සිය ධූරයේ රාජකාරී අරඹමින් පවසයි

    මාර්තු 01, 2024

     ශ්‍රී ලංකාවේ 36 වන පොලිස්පතිවරයා ලෙස පොලිස්පති දෙශබන්දු තෙන්නකෝන මහාත ඊයේ එම ධූරයේ රාජකාරී ආරම්භ කළේය.තම ධුර කාලය තුළ බුදුන් වහන්සේගේ දේශනාවට අනුව කටයුතු කරන බවත් මත්ද්‍රව්‍ය මැඬලීම මෙන්ම සංවිධානාත්මක අපරාධ මැඬලීමට කැප වෙන බවත් නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් මූලස්ථානයේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කරමින් ‍ඊයේ (29) ප්‍රකාශ කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පොලිස්පතිවරයා පැවසුවේ,

    සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස මුල්ම පත්වීම ගාල්ලට ලබා මේ දක්වා පැමිණි ගමන්මඟේ ලද අත්දැකීම් නව ධුරයේ කටයුතු කිරීමේදී පන්නරයක් කර ගන්නවා. අපරාධ වැළැක්වීම, අපරාධ විමර්ශනය, සිවිල් ආරක්ෂක කමිටු සංවිධානය, තිස් අවුරුදු යුද්ධය ත්‍රස්තවාදී ක්‍රියාවලදී මහජනතාව ඒකරාශි කිරීම, දේපොළ ආරක්ෂා කිරීම වැනි කටයුතුවලදී කළ වැඩවලින් මම සෑහෙන අත්දැකීම් ගොන්නක් ලබා ගත්තා. රාජකාරියේදී මහපොළොවේ පයගහලා ඉන්න නිලධාරියෙක් මම. ලංකාවේ සංවිධානාත්මක අපරාධ මත්ද්‍රව්‍ය තුරන් කිරීම්වලදී පහළම ශ්‍රේණියේ නිලධාරින්ගේ ශක්තිය ධෛර්ය වැඩි වන ආකාරයෙන් පොලිසියේ දැවැන්ත පරිවරත්නයක් කරන්න මා කටයුතු කරනවා. සැබෑ දක්ෂ නිලධාරින්ට ඉහළට එන්න අවශ්‍ය පරිසරය මා සකස් කරනවා. මේ හරහා පොලිසියේ විශාල වෙනසක් කිරීමට මා බලාපොරොත්තු වෙනවා යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

     

    දකුණු පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා විසින් ‍ොලිස් සම්මාන මුරයක් පවත්වා නව පොලිස්පතිවරයා පිලිගත් අතර ‍ෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන මහතා සහ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් රැසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya