ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    භග­වත් ගීතා මහෝ­ත්ස­වය අද කොළඹදී

    මාර්තු 01, 2024

    හින්දු භක්ති­ක­යන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැල­කෙන ශ්‍රීමත් භග­වත් ගීතාව සම්බන්ධ ආග­මික සිදු­වීම් මාලාව සහ ශ්‍රීමත් භග­වත් ගීතාව වෙනු­වෙන් වන්ද­නීය උප­හා­ර­යක් පිදී­මට ඉන්දි­යාවේ හර්යානා ප්‍රාන්තයේ කුරු­ක්ෂේත්‍ර සංව­ර්ධන මණ්ඩ­ල­යෙන් වාර්ෂි­කව පව­ත්වන භග­වත් ගීතා මහෝ­ත්ස­වය අද(01) කොළ­ඹදී පැවැත්වේ.

    හින්දු භක්ති­ක­යන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැල­කෙන ශ්‍රීමත් භග­වත් ගීතාව සම්බන්ධ ආග­මික සිදු­වීම් මාලාව සහ ශ්‍රීමත් භග­වත් ගීතාව වෙනු­වෙන් වන්ද­නීය උප­හා­ර­යක් පිදී­මට ඉන්දි­යාවේ හර්යානා ප්‍රාන්තයේ කුරු­ක්ෂේත්‍ර සංව­ර්ධන මණ්ඩ­ල­යෙන් වාර්ෂි­කව භග­වත් ගීතා මහෝ­ත්ස­වය පව­ත්වයි. මෑත වර්ෂ­ව­ලදී එම උත්ස­වය විදේශ රට­වල පවත්වා ඇති අතර, මෙවර ජාත්‍ය­න්තර ගීතා මහෝ­ත්ස­වය බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික අමා­ත්‍යාං­ශ­යෙන් මෙර­ටදී පැවැ­ත්වී­මට කට­යුතු සංවි­ධාන කර තිබේ.

    ඕනෑම ආග­මික, සංස්කෘ­තික පිරි­ස්ව­ලට කිසිදු භේද­ය­කින් තොරව මේ සඳහා සම්බන්ධ විය හැකි අතර, නොමිලේ පැවැ­ත්වෙන මේ වැඩ­ස­ට­හ­නට සම්බ­න්ධවී විවිධ අත්දැ­කීම් ගන්නා ලෙස බුද්ධ ශාසන, ආග­මික හා සංස්කෘ­තික අමා­ත්‍යාං­ශය ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටී. පෙ.ව 9.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්වේ.

    හෙට (02) පස්ව­රුවේ නෙළුම් පොකුණ රඟ­හලේ පැවැ­ත්වෙන වැඩ­ස­ට­හ­නට මෙරට ප්‍රධාන රාජ්‍ය නාය­ක­යන්ගේ සහ ඉන්දි­යාවේ හර්යානා ප්‍රාන්තයේ ආණ්ඩු­කා­ර­ව­රයා සහ­භාගි වීමට නිය­මි­තය. 03 වැනිදා ඉන්දි­යාවේ සිට පැමි­ණෙන සිය­යක පමණ කණ්ඩා­යම සහ පූජ­ක­ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් විශේෂ පූජා­වක් පැවැත්වේ.

    දරු- දැරි­යන් සඳහා මේ දින තුනේදී විවිධ වැඩ­ස­ට­හන් පැවැ­ත්වෙන අතර, සංස්කෘ­තික ප්‍රසංග, අලෙවි ප්‍රද­ර්ශන, පොත් ප්‍රද­ර්ශන, භග­වත් ගීතාව පද­නම් කර ගත් ප්‍රද­ර්ශන, සංගීත ප්‍රසංග, ගීතා මහෝ­ත්ස­වය පිළි­බ­ඳව කථි­කා­වත්, රූකඩ සංද­ර්ශන ආදිය මෙහිදී පැවැත්වේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya