ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    UNFPA අරමුදලට වසර 50ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් එළි දැක් වේ

    මාර්තු 04, 2024

    1994දී කයිරෝහිදී පැවැත්වුණු ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට(ICPD) වසර 30ක්‌ සපිරීම හා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA ) මෙරට මෙහෙයුම් ආරම්භ කර වසර පනහක් සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු වැඩසටහනක් කොළඹදී පැවැත්විණි.

    එහිදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA ) පනස් වසරක මෙරට මෙහෙවර සනිටුහන් කරමින් රුපියල් පනහක් වටින විශේෂ සමරු මුද්දරයක් එළිදැක්වීම ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, ජනාධිපති ආර්යා, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය,සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය,පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය හරිනි අමරසූරිය මහත්මිය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල නියෝජනය කරමින් දේශීය හා විදේශීය නිලධාරීන්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya