ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රුසියානු නාවික හමුදාවට අයත් 'Russian Guards Missile Cruiser Varyag' නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

    මාර්තු 04, 2024

    2024 මාර්තු මස 01 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි රුසියානු නාවික හමුදාවට අයත් 'Russian Guards Missile Cruiser Varyag' නෞකාවඑම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ඊයේ(03) දිවයිනෙන් පිටත්ව යන ලද අතරඑම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.     

    'Russian Guards Missile Cruiser Varyag' නෞකාවේ ධජ නිලධාරි, Captain 1st Rank Velichko Anatoly Vasicievich සහ එහි අණදෙන නිලධාරී, Captain 2nd Rank Glushakov Roman Nikolaevich සහ  බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා අතර නිල හමුවන් බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරුණු අතරඑම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.  

    එමෙන්මනෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරීක්‍ෂණය සඳහා නාවික හමුදා පුද්ගලයින් හ‍ට අවස්ථාව හිමි වූ අතරනෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුලදී එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් සඳහා මෙන්මදිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya