ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අපස්මාර රෝහල් ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය නිරීක්ෂණයට සවුදි නියෝජිත පිරිසක් මෙරටට

    මාර්තු 04, 2024

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 75 ක වියදමින් ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා ජනරජයේ අපස්මාර රෝහල සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය නිරික්ෂණය සහ පසු විපරම් කටයුතු සදහා සංවර්ධනය සදහා වූ සවුදි අරමුදලේ නියෝජිත පිරිසක් පසුගිය දා මෙරටට පැමිණි අතර, මෙම පිරිස පසුගියදා සෞඛ්‍ය  ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් මුණ ගැසී ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබදව අදහස් හුවමාරු කරගන්නා ලදි.

    සවුදි නියෝජිත පිරිස මෙහිදී කියා සිටියේ අපස්මාර රෝහල සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කළ බවත්, ලබාදෙන ප්‍රතිකාර සේවාවන් විධිමත් පරිදි සිදුවන බව නිරීක්ෂණය වූ බව ද පැවසීය. ඉදිරියටත් මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් සවුදි රජය ඇතුලු ජනතාව කටයුතු සිදු කරන බව ද පැවැසීය.

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ මෙම රෝහල ඉදිකිරිම මගින් ජාතික රෝහලේ වැඩිවන සෞඛ්‍ය  අවශ්‍යතා රැසක් සපුරා ගැනීමට අවස්ථාව සැළසී ඇති බවයි. අපස්මාරය සහ වලිප්පුව වැනි රෝග සදහා ද ප්‍රතිකාර සේවාවන් සාර්ථකව සිදු කරන බවත්, මෙම රෝහල ඉදිකිරීම සදහා ලබාදුන් දායකත්වය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් සවුදි රජයට සිය ස්තූතිය පුද කරන බව ද පැවැසිය. 

    මෙම ව්‍යාපෘතිය සංවර්ධනයට සවුදි අරමුදල ‌ඩොලර් මිලියන 32 ක දායකත්වයක් ලබා දී ඇති අතර, 2017 වර්ෂයේ දි මෙම ව්‍යාපෘතිය විවෘත කරන ලදි. මහල් 08 කින් සමන්විත අපස්මාර රෝහල් සංකීර්ණයේ ඇදන්  ධාරිතාවය 242 කි.

    මෙම අවස්ථාව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ  අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය සුනිල් ද අල්විස්, සුනිල් ගලගම ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya