ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මහ බැංකුවේ වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාව ලබා දෙන වාර්තාව අනුව තීරණ ගන්න ආණ්ඩුව සුදානම් - අගමැති

    මාර්තු 06, 2024

    "මහ බැංකුවේ වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව දෙන වාර්තාව අනුව තීරණය ගැනීමට ආණ්ඩුව සූදානම් බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න යටතේ පා.ම.එස් එම් මරික්කාර් මහතා, යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා අද(06)  මේ බව පැවසීය.

    එක් එක් ආයතන නිෂ්පාදනය වැඩිකර ගැනීම සඳහා වෘත්තීය සමිති සමග සාමුහික ගිවිසුම් ඇතිකර ගන්නා බවත්, එහෙත් එහිදී එක් එක් ආයතන අනුගමනය කරන සූත්‍ර වෙනස් බවත්, මහා බැංකුවේ සේවකයන් වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සකසන වාර්තාවේදී ඒ ගැන අවධානය යොමුකරන ලෙස, අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මහා බැංකුව සම්බන්ධයෙන් පමණක් නොව අනෙකුත් බැංකු ගැනද එහිදී අවධානය යොමුකරන ලෙස පැවසූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ඒ සියලු තොරතුරු සලකා බැලූ වාර්තාවක්, පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් බලාපොරොත්තු වන බව, එහි සභාපති පා. ම. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත සඳහන් කළේය. මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව හැටියට විසඳා ගනිමු, යනුවෙන්ද ඔහු කියා සිටියේය.

    "2022 වර්ෂයේ සිට අත්විඳින්නන්ට සිදු වූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉටු කළ යුතු කාර්යයන් සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, ශ්‍රී ලංකා මහ බැංකු සේවාවෙන් ඉල්ලා අස්වු නිලධාරීන් සංඛ්‍යාව ද විශාල ලෙස ඉහළ ගියේය. එහෙයින්, ඉතිරි වූ සේවක පිරිස මත පැවැරුණු රාජකාරි හා වගකීම් ප්‍රමාණාත්මකව ඉහළ ගිය අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සඳහා ඉහළ නිපුණතාවයකින් යුතු මනා පුහුණුවක් ලද නිලධාරීන් පිරිස තවදුරටත් සේවයේ රඳවා ගැනීම අත්‍යවශ්‍ය විය. වැටුප් සංශෝධනය වසර තුනක කාලයක් (2024-2026) සඳහා බලපවත්වන අතර, අදාළ වසර තුනක කාලය අවසානය වන තෙක් කිසිදු අතුරු ගැළපීමක් සිදු නොවීම."

    මහ බැංකු කාර්‌ය මණ්ඩලය වෙත පනවා ඇති සීමාවන් ගැන ඔහුගේ පිළිතුරේ මෙම කරුණු අන්තර්ගත විය.

    "ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ට මහ බැංකුවේ සේවයේ යෙදී සිටිය දී වෙනත් වෘත්තීන්හි හෝ ව්‍යාපාර වල නිරත වීමට අවසර නැත. ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ බැඳියාවන් අතර ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මුල්‍ය ආයතනයන් හි ආයෝජනය කිරීම, මූල්‍ය හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ උපකරණ වල ආයෝජනය කිරීම සීමා කිරීම."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya