ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විශ්වාසනීය යාන්ත්‍රණයක් රට තුළ ස්ථාපිත කළ හැකි නම් ජනතාවගේ ප්‍රශ්නවලට රට තුළින්ම විසඳුම් සොයා ගත හැකියි

    මාර්තු 06, 2024

    විශ්වාසනීය යාන්ත්‍රණයක් රට තුළ ස්ථාපිත කළ හැකි නම් ජනතාවගේ ප්‍රශ්නවලට රට තුළින්ම විසඳුම් සොයා ගත හැකි බවත් එමඟින් ජාත්‍යන්තරයට මෙරට ප්‍රශ්න ගෙන යාම වළක්වා ගත හැකි බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අමාත්‍යවරයා පැවසීය සුරක්ෂිතලත් ගනුදෙනු පනත් කෙටුම්පත, භාර ලදුපත් (සංශෝධන) පනත් කෙටුම්පත යනාදී පනත් කිහිපයක් සම්බන්ධයෙන් අද(06) පාර්ලිමේන්තුවේදී සිදු කළ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. 

     පසුගිය වසර 75 කාලය දෙස බලන විට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයකට ඉදිරියට යාමට ප්‍රධාන අභියෝග 3 ක් පවතින බව අමාත්‍ය අලිසබ්බ්‍රි මහතා කීය.විවිධත්වය ,ආර්ථික ප්‍රතිපත්ති ,පක්ෂ මාරුවන විදියට වෙනස්වන ආර්ථික ප්‍රතිපත්ති එම අභියෝග වූ බවත් හෙතෙම කීය.සියලු දෙනාටම ආර්ථික ප්‍රතිපත්තිවලට අවම එකගතාවයකට ඒමේ හැකියාවක් තිබිය යුතුබවත් හෙතෙම මෙහිදී  පැවසීය.

     

    ඇමැතිවරයා මෙසේද පැවසුවේය. පළමු හා දෙවැනි ලෝක යුද්ධය පටන් ගත්තේ යුරෝපය තුළමයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඔවුන්ම කල්පනා කර බැලුවා, මේ මරාගැනිල්ල මොකද්ද කියලා. ඒ අනුව යුරෝපීය හවුල ආරම්භ කළා. පසුකාලීනව යුරෝපීය යූනියන් එක ආරම්භ කළා. අද වන විට එම රටවල් විශාල දියුණුවක් ලබා තිබෙනවා. යුරෝපය එහෙම වන විට ලංකාවේ අපට ඇයි බැරි වෙන් නොවී ජීවත් වෙන්න. සහකම්පිතව අනුන් දෙස බැලිය යුතුයි. දෙමළ පක්ෂ නායකයන් පසුගිය අයවැයේදී කී දෙයක් තමයි, අපි කවුරුවත් වෙනම රටක්  ඉල්ලන්නේ නැහැ අපි කියන්නේ එකම රටක් තුළ බලය බෙදා ගැනීමක් කළ යුතුයි කියලා. එය වැරදි නැහැ. එකිනෙකාට වෛර කරන තෙක් සමඟියක් ඇති කර ගත නොහැකියි. අවස්ථාවාදී දේශපාලනයෙන් අපි ඉවත්ව අනාගත පරම්පරාව දෙස බැලිය යුතුයි. මේ ප්‍රශ්නයට බය නැතිව ධෛර්යවන්තව මුහුණ දිය යුතුයි. බෙදුම්වාදය ඔළුවේ තබාගෙන සිටින ඊලාම්වාදීන් සිටිනවා. ඔවුන්ගේ මතයන් ගැන අපි නොසිතිය යුතුයි. පසුගිය කාලයේ ත්‍රස්තවාදයෙන් බැට කෑවේ දෙමළ ජනතාවම පමණක් නොවේ. මුස්ලිම් ජනතාවත් ඉන් බැට කෑවා. ඒ කාලයේ උතුරේ පදිංචිව සිටි මුස්ලිම් ජනතාව නෙරපීමට ත්‍රස්තවාදීන්  කටයුතු කළා. ඒ කාලයේ  පුත්තලමට පැමිණි ජනතාව තවමත් ඒ ප්‍රදේශවල ජීවත් වෙනවා. අතීතයේ සිරකරුවන් ලෙස ජීවත් වනවාට වඩා අනෙක් රටවලින් පාඩම් ඉගෙන ගෙන එකට වාඩි වෙලා පීඩිතයන්ගේ  ප්‍රශ්නවලට විසඳුම් සොයා ගත යුතුයි. තිරසාර වැඩපිළිවෙළකට අවතීර්ණ වීමට දැන් කාලය එළැඹිලා තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya