මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ පළමු සහ දෙවන කණ්ඩායම් වල සිසුන් මුදල් ගෙවීම පැහැර හැරි නිසා නව කණ්ඩායම් සඳහා මුදල් ලබා දීමේ ප්‍රමාදයක් සිදු වී තිබෙන බවයි. එම රාජ්‍ය බැංකු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ බවත්, ණය ආපසු ගෙවීම මග හැරි සිසුන් 194 දෙනෙකුගේ ණය මුදල් , නැවත අය කර ගැනීමේ පදනම මත මහා භාණ්ඩාගාරය විසින් ගෙවීමට එකග වී තිබේ.සිසුන්ගේ අධ්‍යන කටයුතු අතර මග නතර කිරීමට ඉඩ නොතබව බව අවධාරණය කළ අමාත්‍යවරයා කේ.අයි.යූ විශ්ව විද්‍යාලයට පාඨමාලා ආරම්භ කරන ලෙස උපදෙස් ලබා දුන් බවද පැවසිය.