ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අසීරු කාලයක වුවද ජනතාවට සහන ලබාදීමේ විප්ලවයක් ඇති කළා - ජනපති

    මාර්තු 11, 2024

    එක්සත් ජාතික පක්ෂය මැතිවරණ සටන ඇරැඹීමේ ප්‍රථම මහජන රැලිය “සැබෑව” යන තේමාවෙන් කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වසර ‍දෙකකට පසු ඇමතූ පළමු ජන රැලිය මෙය වේ. ජන රැලිය සඳහා කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයට ඊයේ මහා ජන ගඟක් එක්ව සිටියහ. පැමිණ සිටි ජනතාවගෙන් ජනාධිපතිවරයාට උණුසුම් ප්‍රතිචාරයක් හිමි විය. ජන රැලිය ඇමතීමෙන් අනතුරුව ජනතාව අතරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් සමඟ සුහද කතා බහක ද නිරත විය. වසර දෙකකට පසු සිය නායකයා පක්ෂයේ දේශපාලන රැස්වීමකට සහභාගි වීම නිසා ජනතාව තුළ මහත් උද්‍යෝගයක් දිස් විය. 

    ජන රැළිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    අද විශාල පිරිසක් මෙම ක්‍රීඩාංගණයට රැස්ව සිටිනවා. ඔබ සියලුදෙනාට මම ස්තූතිය පුද කරනවා. අසීරු කාලයේ ඔබ සියලුදෙනා මට සහාය ලබා දුන්නා. ඒ අසීරු කාලය අවසන් වන විට ඉදිරියට යාම සඳහා ජාතික එකඟත්වයක් ඇති කරගත යුතු සමයක අද මට ඔබ සියලුදෙනා ඇමතීමට අවස්ථාව ලැබී තිබෙනවා.
    ඔබ මෙතනට පැමිණෙන්නේ මගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න නොවෙයි. ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහායි. අසීරු කාලයකින් පසුව අපට තිබෙන අනාගතය කුමක්ද යන ප්‍රශ්නය ඔබේ සිතේ තිබෙනවා.
    තවමත් අපට යම් අසීරුතා තිබෙනවා. අපි සියලුදෙනා එකතුවී පටු දේශපාලන බේදයකින් තොරව ඉදිරියට යමු කියා ප්‍රකාශ කිරීමටයි මම මෙතනට පැමිණියේ.
    මම ආණ්ඩුව භාරගත් අවස්ථාවේ රට මේ තත්ත්වයට ගෙන ඒමට හැකිවනු ඇතැයි අපේකෂා කළේ නැහැ. අද අපි බංකොලොත්භාවයෙන් නිදහස්වීමට නියමිතව තිබෙනවා. බොහෝ අය සිතුවා මේ සඳහා වසර පහක්වත් ගතවනු ඇතියි කියලා. දැන් ජාතය්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරටට පැමිණ සිටිනවා. අප ඔවුන් සමග සහ නිල වශයෙන් ණය ලබාගත් රටවල් සමඟ සාකච්ඡා කර එහි පළමු ගිවිසුමට මැයි හෝ ජූනි මාසයේ දීඅත්සන් තැබීමට බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව බංකොලොත් නැති රටක් ලෙස අපට සහන ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.
    මෙම ගමනනේ දී ජනතාවට සහන ලබාදීමට අපට හැකි වෙනවා. ඒ වගේම මේ වසරේ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අපට පුළුවන් වෙලා තිබෙනවා. එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ සිට රුපියල් දස දහසක් ඔවුන්ට වැඩිපුර ලැබෙනවා. ඒ වගේම අස්වැසුම වැඩපිළිවෙළ හරහා සමෘද්ධිය වගේ තුන් ගුණයක් ප්‍රතිලාභ ලබා දෙනවා. එය ඉදිරියේදී ලක්ෂ 24කට ලැබෙනවා.
    එම සියලු පවුල්වලට මෙම සිංහල හින්දු අලුත් අවුරුද්දට සහල් කිලෝ ග්‍රෑම් 20ක් ලබාදීමට අප කටයුතු කරනවා.
    ඒ වගේම ඉඩම් බලපත්‍ර තිබෙන සියලුදෙනාට සින්නකර ඉඩම් අයිතිය ලබාදිමට අපි කටයුතු කරනවා. කොළඹ තට්ටු නිවාස 50,000ක සිටින ජනතාව වෙනුවෙන් නිත්‍යානුකුල අයිතිය ලබා දෙනවා. අසීරු කාලයක් ගත කළත් ජනතාවට සහන ලබාදීමේ විප්ලවයක් ඇති කිරීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම කෘෂි නවීකරණ වැඩසටහන හරහා වසර 10කින් රටේ කෘෂිකර්මාන්තය නවීකරණය කර අපනයන කර්මාන්තවලින් මුදල් උපයා ගැනීමට අපි අපේක්ෂා කරනවා.
    ඒ වගේම අපි අල්ලස් දූෂණ සඳහා කොමිසමක් ඇති කළා. මම කිසි අවස්ථාවක එම කිසිවකට අතගැසුවේ නැහැ. වැරදිකාරයන්ට නඩු දාන්න. ඒක මට ගැටලුවක් නොවෙයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ කමිටු පත් කළා. ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත ගෙන ඒමට කටයුතු කරනවා.
    එමෙන්ම ස්ත්‍රීන් සඳහා සමබර අයවැයකරණය සහ කාන්තා ප්‍රචණ්ඩත්වය පිළිබඳ පවතින නීති සංශෝධනය කිරීමට ද අප කටයුතු කරනවා. එමෙන්ම සෑම පොලිසියකම කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් වෙනම ඒකකයක් පිහිටුවීමට කටයුතු කරනවා. මේවා සිදුකළේ රටේ සාමාන්‍ය ජනතාවගේ දියුණුව වෙනුවෙන්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya