ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අස්වැසුම දෙවැනි අදියරට අයදුම්පත් කැඳවීම මාර්තු 15න් අවසන්ක - ඩිනමින් අයදුම්පත් යොමු කරන්නැයි ඉල්ලීමක්

    මාර්තු 11, 2024

    අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම මාර්තු 15 (සිකුරාදා) අවසන් වීමට නියමිත ය. ඒ සඳහා මෙතෙක් අයදුම්පත් ඉදිරිපත් කර නොමැති පුද්ගලයන්ට මාර්ග ගත ක්‍රමයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    දෙවැනි අදියර යටතේ තෝරාගන්නා ප්‍රතිලාභීන් වෙත ජූලි මාසයේ සිට අදාළ ගෙවීම් සිදු කිරීමට නියමිත ය. දැනට මිලියන 2කට ආසන්න පිරිසක් අසුවැසුම ප්‍රතිලාභ හිමි කර ගන්නා අතර එම සංඛ්‍යාව මිලියන 2.4 දක්වා ඉහළ නැංවීම දෙවැනි අදියරේ අපේක්ෂාව බව ‌රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඒ සඳහා මෙවර අයවැය මගින් රුපියල් බිලියන 205ක මුදලක් වෙන් කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya