ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නාවික හමුදාව සංවිධානය කල ඉන්දියානු සාගර වටද්දර සංගම් දිනය (IORA) කොළඹදී සාර්ථකව පවත්වයි

    මාර්තු 11, 2024

    ඉන්දියානු සාගර වටද්දර සංගම් දිනය (IORA Day) සැමරීම නිමිත්නෙත්, 'අනාගත පරම්පරාව වෙනුවෙන් තිරසාර ඉන්දියානු සාගරයක්' (Sustainable Indian Ocean for Future Generations) යන තේමාව යටතේ ඊයේ(10) ගාලු මුවදොර පිටියේ සංවිධානය කර තිබූ සාගරය හා සම්බන්ධ ක්‍රියාකාරකම් ඇතුළත් ප්‍රදර්ශනයශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායකගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ආරම්භ  වූ අතරඑම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

    2023 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (Indian Ocean Rim Association (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාව උසුලන ලබයි. මාර්තු මස 10 වන දිනට යෙදී තිබෙන ඉන්දියානු සාගර වටද්දර සංගම් දිනය සැමරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ  සාගරය හා සම්බන්ධ ක්‍රියාකාරකම් ඇතුළත් මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ප්‍රදර්ශන කුටි 06 ක් ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණි. එහිදී නාවික හමුදාවේ ප්ලාස්ටික් හා පොලීතීන් අපද්‍රව්‍ය  ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියකොරල් සංරක්ෂණ ව්‍යාපෘතියනාවික හමුදාවට නාවික පුද්ගලයින් බඳවා ගැනීමවෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරම්ජල ශාස්ත්‍රීය කටයුතු සහ නාවික හමුදා කිමිදුම් ක්‍රියාකාරකම් යන නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යය භාරය හා සමුද්‍රීය ක්‍රියාකාරකම් ඇතුළත්  ප්‍රදර්ශන කුටි නැරඹීම සඳහා පාසල් ළමුන් ඇතුළු විශාල පිරිසක් ඉතා උනන්දුවෙන් සහභාගී වී සිටියහ.

    එමෙන්මඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශයන් වෙතින් පැමිණි පාසල් ළමුන් 700 ක පමණ පිරිසක් වෙත නාවික හමුදාවේ ඒ 543 යාත්‍රාවෙන් කොළඹ වරාය නගරය අවට මුහුදු  ප්‍රදේශයේ මුහුදු සංචාරයක් ලබා දීමටද එහිදී නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

    මෙම අවස්ථාව වර්ණවත් කිරීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් ගාලු මුවදොර පිටියේ විවිධ සංදර්ශන සිදු කෙරුණු අතරඑහිදී සිදු කෙරුණු පැරෂුට් සංදර්ශනය සඳහා නාවික හමුදා පැරෂුට් කණ්ඩායමද එක් විය. එමෙන්ම නාවික හමුදා වාදක වෘන්දයේ හා සංස්කෘතික නර්ථන කණ්ඩායමේ විචිත්‍රාංගයන්ගෙන්ද මෙම අවස්ථාව වර්ණවත් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya