ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රථම වරට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා සේවක ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධ මහතා පවසයි

    මාර්තු 11, 2024

    වසර හැට හයකට පසුව පුථම වරට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා සේවක ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ  බව ප්‍රකාශ කළේ  ඊයේ  (10)  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් නාවලපිටිය ඩිපෝව නිරීක්ෂණයෙන් අනතුරුව සේවකයින් සමග සුහද පිළිසදරකට එක් වෙමිණි. මෙම අවස්ථාවට අමාත්‍යවරයා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද එක් විය.

    දුර ගමන් සේවා සඳහා හා පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් බස් රථ සංඛ්‍යාවක් නොමැති බව මෙන්ම ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් නොමැතිවීමේ ගැටළුවට මුහුණ දෙන බව ඔවුන් මෙහිදී පැවසීය.

    එහිදී අදහස් දැක්වූ විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ගිය වසරේ ලාභ උපයා ඇති නිසා ඉදිරියේදී බස් 70ක් පමණ අලුතෙන් මිලදී ගැනීමේ හැකියාව ඇති බැවින් දුර ගමන් සේවා සඳහා නව බස් රථ තුනක් හා පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා බස් රථ තුනක් අලුත් වැඩියා කර ගැනීම සඳහා නව ඇන්ජින් තුනක් ලබාදීමට හැකි බව මෙහිදී පැවසීය.

    එමෙන්ම අවුරුදු 66කට පසුව ප්‍රථම වරට ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා සේවක ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා. එමඟින් ආණ්ඩු මාරු වන විට තනතුරුවල හිටපු අය එලවා අලුතින් අය පුටුවල වාඩි වෙන යුගය නිමාවට පත්වන බව ද පැවසීය. තුන්දහක පමණ සේවක පිරිසක් තමුන්ට සුදුසු තනතුරක් නොමැතිව, සුදුසු උසස්වීම් ක්‍රමවේදයක් නොමැතිව සිටිනවා. මසක් ඇතුළත ඒ ප්‍රශ්නද විසඳා සේවක හිඟයටද පිළියම් යෙදීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා සේවකයින් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු ජේ.එම්.පී.බී. දිසානායක, ඩිපෝ අධිකාරී අනුර ජයලත් මත්වරුන් ඇතුළු සේවකයින් එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya