ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    වැඩපිළිවෙළක් නැති විපක්ෂයේ කණ්ඩායම්වලට රට ආපස්සට හැරවීමට යන්නේ සති දෙකයි -අමාත්‍ය සේමසිංහ කියයි

    මාර්තු 14, 2024

    ඉතා අසීරු තීන්දු තීරණ මත ජනතාවගේ දැඩි කැපවීමෙන් ගොඩ නැගෙමින් පවතින රට වැඩපිළිවෙළක් නොමැති කණ්ඩායමකට බලය හිමිවීමෙන් සති දෙක තුනක් තුළ යළි කඩා වැටිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.


    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයක් තුළ රට වසර එක හමාරකට පෙර පැවැති තත්ත්වයටත් වඩා බරපතල මට්ටමක් දක්වා ගමන් කළ හැකි බවයි. එබැවින් ඉදිරියේ පැවැත්වෙන කුමන හෝ මැතිවරණයක දී වඩාත් වැදගත් වන්නේ දැනට ක්‍රියාක්මක වන වැඩපිළිවෙළ ඉදිරියට රැගෙන යන කණ්ඩායමක් බලයට පත් වීම බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයීය විදුහලේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

    සේමසිංහ මහතා එහි දී කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා වටය මගහැරීමෙන් ම විපක්ෂයේ බංකොලොත්භාවය ඔප්පු වන බවයි. ජනප්‍රිය සිහින පෙන්වන වැඩපිළිවෙළක් නොමැති කණ්ඩායමක් කෙරෙහි ජනතාව විශ්වාසය නොතබනු ඇතැයි හෙතෙම පැවසීය.

    ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් රට අර්බුදයකට පත් නොවන ආකාරයේ ස්ථාවර මට්ටමකට රැගෙන ඒමට කටයුතු කරන ආකාරයෙන් ම ඊට සරිලන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා එහි දී අවධාරණය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya