ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    විශ්‍රාමික එයා(ර්) වයිස් මා(ර්)ෂල් එච්. එම්. එස්. කේ. බී. කොටකදෙණිය මහතා නව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස වැඩභාරගනී.

    මාර්තු 14, 2024

    නව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වූ විශ්‍රාමික එයා(ර්) වයිස් මා(ර්)ෂල් එච්. එම්. එස්. කේ. බී. කොටකදෙණිය මහතා අද දින (14) මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ  ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කලේ ය.

    එම අවස්ථාවට අමාත්‍යාංශ ලේක්ම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති ජී. එස්. විතානගේ, උප සභාපති ඩී. ඩබ්. එස්. නාරංගොඩ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කපිතාන් මිලින්ද රත්නායක යන මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ රෙහාන් වන්නිඅප්පා ඇතුළු ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්විය.

    වරාය, නාවික සහ ගුවන්සේවා විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නිර්දේශය මත කැබිනට් මණ්ඩලය විසින් කොටකදෙණිය මහතා සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස  ලෙස පත්කර ඇත්තේ මෙතෙක් එම තනතුරෙහි රාජකාරී කටයුතු කල අධ්‍යක්ෂ ජනරාල්තුමන් පසුගිය දා  සේවයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙනි.

    ජායාරූපය - නව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයා(ර්) වයිස් මා(ර්)ෂල් එච්. එම්. එස්. කේ. බී. කොටකදෙණිය මහතා සිය තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කල අවස්ථාව, වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේක්ම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති ජී. එස්. විතානගේ, උප සභාපති ඩී. ඩබ්. එස්. නාරංගොඩ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කපිතාන් මිලින්ද රත්නායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පිළිබඳව විස්තරයක් පහතින් දැක්වේ.

    කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකු වන ඒ මහතා, ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ පශ්චත් උපාධිය ද ලබා  ඇත. ඇමරිකාවේ වොෂින්ටන් හා චීනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල වල  වැඩිදුර අධ්‍යාපනය ලබා ඇති අතර සිය අරක්ෂක සේවා කාලය තුල ගුවන් නිරුපද්‍රිතතාවය, ගුවන් අනතුරු විමර්ශණය, ගුවන්සේවා උපායමාර්ගික කළමණාකරන වැනි ගුවන්සේවා ක්ෂේත්‍රය ආශ්‍රිතව ජාත්‍යාන්තර පුහුණුව ලබා ඇති අතර ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) විසින් මෙහෙයවනු ලැබූ ගුවන්සේවා කළමණාකරන ඩිප්ලෝමා, ගුවන්සේවා ගුවන්තොටුපොල කළමණාකරනය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලා ද හදාරමින්  සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රය පිළිබඳව ද සිය ගුවන් හමුදා ජීවිතය තුල දී පවා අධ්‍යාපනය ලබා ඇත .

    වසර 35 ක් ශ්‍රී ලංකා  ගුවන් හමුදාවේ කීර්තිමත් සේවයක නිරත වෙමින්, ජාත්‍යන්තර පුහුණුවීම් රැසකට සහභාගීවී දීර්ඝ අත්දැකීම් ලබා ඇති ඒ මහතා , එම සේවයෙන් විශ්‍රාම ගන්නා  විට ඉහළ පෙලේ වගකීම් හා තනතුරු රැසක් හොබවමින්  කටයුතු කර ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා සහ ප්‍රභූ ගුවන් යානා මෙහෙයවමින් ගුවන් පැය 5 000 ඉක්මවූ අත්දැකීම් ලබා ඇති ඒ මහතා අංක 07 හෙලිකොප්ටර බලඝණයේ අනදෙන නිලධාරීවරයා ලෙස ද ආරක්ෂක සේවා විද්‍යාලයේ ප්‍රධාන උපදේශක වරයෙක් ලෙස ද කටයුතු කර ඇත. එමෙන්ම කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපකුලපති මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ද දරමින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කර ඇත.

    තිස් වසරක කුරිරු ත්‍රස්තවා දී ක්‍රියාකාරකම් වලින් ශ්‍රී ලංකාව නිදහස් කරගැ නීම වෙනුවෙන් ගුවන් නියමුවෙකු ලෙසත්, පරිපාලන නිලධාරීවරයෙකු ලෙසත් කීර්තිමත් සේවාවක් ඉටුකර ඇති ඒ මහතා, එම සේවාවන් අගයනු වස් ඇගයීම් සම්මාණ රාශීයකින් පිඳුම් ලබා ඇත.

    2022 වසරේ අගෝස්තු මස සිට සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ ලද අත්දැකීම් ද දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු රාජ්‍ය සේවයේ ලද අත්දැකීම් උපයෝගී කරගනිමින් ඉදිරියේ දී නව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සිවිල් ගුවන්සේවාවේ ප්‍රගමනය උදෙසා කැපවීමට ඒ මහතා අපේක්ෂා කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya