ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රටක ආර්ථිකයේ පිබිදීම සඳහා වැඩි දායකත්වයක් ලබා දෙන පෞද්ගලික ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර කටයුතු සිදුකිරීමට වටපිටාව සකස් කිරීම අත්‍යාවශ්‍ය කරුණක්

    මාර්තු 23, 2024

    පෞද්ගලික ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් රටක ආර්ථිකයේ කොදු නාරටිය බවත්  රටක ආර්ථිකයේ පිබිදීම සඳහා පෞද්ගලික ව්‍යවසායකයින් වඩා වැඩි වශයෙන් දායකත්වයක් ලබාදෙන බැවින් ඔවුගේ ව්‍යාපාර කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය කරන වටපිටාව වඩාත් සුදුසු ලෙස සකස් කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවද අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ,ඊයේ(22) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති යුරෝපා වාණිජ මණ්ඩලය (ECCSL) සහ ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීමේ වැඩසටහන (SCOPE), Deutsche Gesellschaft Fur Internationale Zusammenarbeit (GIZ) සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙහි සහයෝගය මෙන්ම  යුරෝපා සංගමය, ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලයෙහි මූල්‍ය අනුග්‍රහය ඇතිව සිදුකරන ලද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සාර්ථකත්වය සහ සමාජ බැදීම් සඳහා උපායමාර්ගික අවශ්‍යතාවයන් පිළිබඳ සිදුකරන අධ්‍යයනයෙහි නව වාර්ථාව එළිදැක්වීමේ අවස්ථාවට අවස්ථාවට එක්වෙමිනි.

    නීතියේ ආධිපත්‍ය තහවුරු කර අධිකරණ පද්ධතියේ ස්ථාවරත්වය සහ විශ්වසනීය බව නගාසිටුවීම සඳහා තම රජය කැපවී කටයුතු කරන බවත් පසුගිය කාලය පුරා ඒ සඳහා අවශ්‍යකරන නීති ප්‍රතිසංස්කරණයන් සිදුකර ඇති බවද අමාත්‍යවරයා  පැවසිය.

    මෙවැනි අධ්‍යන රජයේ මැදිහත්වීම මත මීට වසර කිහිපයකට පෙර සිදු කලා නම් අපිට පසුගිය කාලයේ මුහුණ දීමට සිදුවූ ආර්ථික අර්බුදයන් මගහරවා ගැනීමට හැකිවන බවත් නමුත් අවාසනාවකට අපට එය කිරීමට නොහැකි වු බව කී අමාත්‍යවරයා, මෙවැනි අධ්‍යනයක් සිදු කිරීම පිළිබඳව යුරෝපා සංවිධානය ඇතුළු ඒ සඳහා සහයෝගය ලබාදුන් ආයතන වෙත තම ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බවත් මෙම ක්‍රියාවලියෙහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී අපේ රටේ ආර්ථිකය මෙන්ම ජනජීවිතයත් යහපත් තත්වයකට පත්විය හැකි බවත්  අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

    විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ තානාපති H.E. Carman Moreno මහත්මිය, ශ්‍රී ලංකා යුරෝපා වාණිජ මණ්ඩලයේ සභාපති Haten Rajabdeen යන මහත්ම මහත්මීන් අදහස් පලකල අතර අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එන්.එම්. රණසිංහ මහතා, පෞද්ගලික ව්‍යවසායකයින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya