ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම පිළිබදව දැනුවත්කිරීම පෙර පාසලේ සිටම ආරම්භ විය යුතුයි

    මාර්තු 23, 2024

    ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කට  එකම දතක්වත් නැති බවත්, එය විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බවත්, දත් ආරක්ෂා කර ගැනීම, මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම පිළිබදව දැනුවත්කිරීම පෙර පාසලේ සිටම ආරම්භ විය යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය  රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ “සතුටු මුවයි-සුවැති සිරුරයි” යන්න තේමා කර ගනිමින්  ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන්  ඊ (22) ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පැවති විශේෂ උත්සවයකට සහභාගි වෙමිණි.

    ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය, යුනිලීවර් සමාගම එක්ව සංවිධානය කරන ලද මෙම විශේෂ දන්ත කදවුර මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 2000 අධික පිරිසකගේ මුඛ සෞඛ්‍ය පරීක්ෂාව හා මුඛ සෞඛ්‍ය පිළිබද පෙර පාසල් ගුරුවරුන් දැනුවත්  කිරීමට සැලසුම් කර තිබිණ .

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ .......

    අද මෙම වැඩසටහන  ගාලු දිස්ත්‍රික්කයෙන්  ආරම්භ කර  මේ පලාතේ පාසල් දරුවන් 2000 කගේ මුඛ සෞඛ්‍ය තත්වය  අද නිරීක්ෂණය කරන බවත් , ඊට සමගාමීව පෙර පාසල් ගුරුවරුන්ද මුඛ සෞඛ්‍ය පිළිබද දැනුවත් කරන බවයි. පෙර පාසල් ගුරු අධ්‍යාපනය හරහා දරුවන්ගේ හොඳ මුඛ සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යාමට  මෙම දැනුවත් කිරීම  ඉතා  වැදගත් වන බැවින් එයට  ගෞරවණීය ස්තුතිය පුද කර සිටින බවයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝගය බවට දන්ත රෝගය පත්ව තිබෙන බව වෛද්‍යවරුන් මෙම ස්ථානයේදී   හෙලි කල බවත්,  දරුවන් හා මැදිවියේ වයස් ගත වන ජනගහනය අතරෙත් මේ දන්ත රෝග නිසා විශාල පීඩාවකට ලක් වන බවත් ප්‍රකාශ කර සිටියේය..

    ජීවිතයේ මුල් කාලයේ සිට  අවසාන කාලය දක්වාම මනා  දන්ත සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යාම ඉතාම වැදගත් කාරණයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා මුඛ පිලිකා වලින් ලංකාවේ විශාල පිරිසක් දුක්විදින බවද පැවසීය.

    විශාල මුදලක් රජය විදිහටත්, පුද්ගලයන් විදිහටත් ඊට වැය කරන බවත්, ජනතාව දැනුවත් කිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බවද පැවසීය. බුලත්විට සැපීම හරහා දුම්කොළ, හුණු, පුවක් වල තිබෙන යම් යම් පිළිකා කාරක  ද්‍රව්‍යය අවගේ සෞඛ්‍ය පද්ධතියට අති විශාල හානියක් සිදුකරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා  අයහපත් සිරිත් වලින් බැහැර වී යහපත් පුරුදු ඇති කර ගන්නට මෙවැනි වැඩමුළු ඉතා වැදගත් වන බවත් දරුවන් කුඩා කාලයේ සිටම දැනුවත් කිරීම ද, ඉතාම වැදගත් බවද පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය හේමන්ත අමරසිංහ, ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ, ලෝක මුඛ සෞඛය දින අනු කම්ටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක, පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්ය ශ්‍යාමා වන්නිනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ආනන්ද රත්නායක , යුනිලීවර් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ශමාරා සිල්වා යන මහත්ම මහත්මීන්ද , පෙර පාසල් ගුරුවරුන්, පාසල් දරුවන් , ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya