ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    සමන්තුරේ මුලික රෝහල් තෙමහල් ගොඩනැගිලි සංකීර්ණ ව්‍යාපෘතිය දෙමසක් තුල අවසන්

    මාර්තු 24, 2024

    චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අනුව සමන්තුරේ මුලික රෝහලේ රුපියල් මිලියන 850 ක වියදමින් ඉදිකෙරෙන තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවති.

    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ (23) නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ මුලික රෝහලේ ඉදිවෙන මෙම ගොඩනැගිලි සංකීර්ණය නිරික්ෂණයට ලක් කරන ලදි. මෙහිදී රෝහල් සංවර්ධන කමිටු රැස්වීම ද පවත්වන ලදි.

    මෙහිදී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් සම්පුර්ණයෙන් නිම කර උපකරණ සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙමින් මාස 02 ක කාලයක් තුල ජනතා අයිතියට පත්කිරීමට බලාපොරොත්තු වන බවයි. ගොඩනැගිල්ල ඉතා කෙටි කාලයක් තුල නියමිත ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකිරීම් සිදු කරමින් අවසන් අදියරට පැමිණ ඇති බව ද පැවැසීය. සෞඛ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් අනුව රෝහලට පැමිණ අවශ්‍යතා හදුනාගෙන ව්‍යාපෘතිය අවසන් කිරීමට අදාල තීරණ ලබාගත් බව ද පැවැසීය.

    මෙම තෙමහල් ගොඩනැගිලි සංකීරණය තුලවාට්ටු සංකීර්ණමාතෘ ඒකකඖෂධ ගබඩාසායන බෝනොවන රෝග ඒකකරුධිර පාරවිලයන මධ්‍යස්ථානරසායනාගාරශල්‍යාගාර සහ හදිසි ප්‍රතිකාර ඒකක ද වේ. මෙම ව්‍යාපෘතිය යටතේ වෛද්‍ය උපකරණ ද එම රෝහල්වලට ලබාදීමට ද කටයුතු යොදා ඇත.

    චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අනුව මීරිගම මුලික රෝහලසමන්තුරේ මුලික රෝහලඑරාවුර් මුලික රෝහලපොතුවිල් මුලික රෝහලකල්පිටිය ප්‍රාදේශීය රෝහලරකිල්ලගස්කඩ මුලික රෝහලදර්ගා නගරය ප්‍රාදේශීය රෝහලඅළුත්ගම ප්‍රාදේශීය රෝහලමැදිරිගිරිය මුලික රෝහලපදවිය මුලික රෝහලවලස්මුල්ල මුලික රෝහලකලවාන මුලික රෝහලමහියංගණය මුලික රෝහල යන රෝහල් වල සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසීම්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයීම්) ජී.විඡේසූරියකල්මුණේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය S.R Lssadeen, සමන්තුරේ මුලික රෝහලේ අධ්‍යක්ෂ එම්.එච්.එම් අසාත් යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya