ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ලෝකයේ මත්ද්‍රව්‍ය ගැටළුව පාලනය කරන රටවල් අතර ශ්‍රි ලංකාව ඉදිරියෙන් - අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති

    අප්‍රේල් 03, 2024

    ලෝකයේ මත්ද්‍රව්‍ය ගැටළුව පාලනය කරන රටවල් අතර ශ්‍රි ලංකාව ඉදිරියෙන් සිටින බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ  සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා පැවසීය.ඒ් මහතා මේ බව පැවසුවේ , මතින් නිදහස් දේශයක සාළිස් වසක නොනිමි මෙහෙවර යන මැයෙන් මාධඨ හමුවක් අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අවස්ථාවේදිය.

    කුමන මත්ද්‍රවයක් භාවිතා කරත් ඉන්නේ අමාරුවෙන් සහ වේදනාවෙන් බවත් මත්ද්‍රවය භාවිතා කරන විට එය ආනන්දජනකයි කියා කිසියම් කෙනෙක් සිතනවාද ? ඒය සත්‍යක් නොවන බවද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ගරු සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා පැවසීය.

    ලෝකයේ මත්ද්‍රව්‍ය ගැටළුව පාලනය කරන රටවල් අතර ශ්‍රි ලංකාව ඉදිරියෙන් සිටින බවත්  මේ ගැටළුව ලංකාවේ පමණක් නොව අන් රටවලද විශාල ගැටළුවක් බවට පත්ව ඇති බවද අවුරුදු 40ක් පුරාවට මෙම ගැටළුවට විසදුමක් හොයමින් එයට යම් පාලනයක් කෙරෙමින් යන බවද සභාපතිවරයා කීය.

    මත්ද්‍රව්‍ය ගැටලුව විසදීමට ඖෂධ පාලක මණ්ඩලය නොයෙකුත් ක්‍රම භාවිතා කර ඇති බවත් මෙම ගැටලුව විසදීමට ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙන බවත් කී සභාපතිවරයා, ඉල්ලුමට මෙන්ම සැපයුමට විසදුම් සෙවිය යුතුව ඇති බවත් නමුත් තමන්ගේ  පෞද්ගලික අදහස වන්නේ වැඩි අවධානය යොමු විය යුත්තේ ඉල්ලුමටබවද පැහැදිලි කළේය.

    ඉදිරි වසර 10 මහජන සහභාගීත්වය ගෙන මෙම ගැටළුව විසඳීමට කටයුතු කරන බවත් ඒපමණක් නොව  සියළුම දෙමව්පියන්ගේ  සහභාගීත්වයද  මේ ගැටළුව විසදීමට අවශ්‍ය බවද ඒ් සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ඒ් සෑම කෙනෙකුටම ඖෂධ පාලක මණ්ඩලය විසින් ලබා දෙන බවද අවධාරණය කළේය.

    ප්‍රජා සංවිධාන ,ආගමික සංවිධාන,සිවිල් සංවිධාන ,මාධ්‍ය කණ්ඩායම් ඒකට ඒකතු වී මේ ගමන යා යුතු බව කී සභාපතිවරයා , යුක්තියේ මෙහෙයුම  සමගද සම්බන්ධ වී මත්‍ද්‍රව්‍ය නිවාරණ කටයුතු සිදු කරන බවත් පොලිස් දෙපාර්තමෙන්තුව , තැපැල් දෙපාර්තමේන්තුව මෙන්ම නාවික හමුදාව ද එක්වද අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය දිගන් දිගටම මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද කිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya