ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නැගෙනහිර කොළඹ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකය විවෘත කෙරේ

    අප්‍රේල් 03, 2024

    නැගෙනහිර කොළඹ මුලික රෝහලේ (මුල්ලේරියාව රෝහල) ඉදිකරන ලද දැඩිසත්කාර ඒකකයේ දෙවන අදියර සුව සේවා සත්කාර සදහා එක් කිරීම අද දින (3) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    මෙම අදියරේ ඉදිකිරීම සදහා මුල්‍යමය දායකත්වය ව්‍යාපාරික දානපති ජී.එස්.විජේසිංහ මහත්මිය විසින් දරනු ලැබු අතර ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 20 කට අධිකය.

    මෙයට අමතරව දැඩි සත්කාර ඒකක සදහා භාවිතා කරනු ලබන විශේෂ නවීන වෛද්‍ය උපකරණ තොගයක් ද එතුමිය විසින් රෝහලට භාර දීමට කටයුතු කෙරිණි. එම වෛද්‍ය උපකරණ වල වටිනාකම රුපියල් මිලියන10 කට අධීක වේ.

    නව දැඩි සත්කාර ඒකකයේ ඇදන් ධාරිතාවය 5 ක් වන අතර එක් දැඩිසත්කාර ඇදක් බෝවන රෝග වැනි රෝග සදහා ප්‍රතිකාර කිරීමේ දී රෝගියා වෙන් කර තබා ගැනීමේ පහසුකම් සහිතව සකස් කර ඇත.

    දෙවන අදියරේ ඉදිකිරීම් සදහා සියාම් සිටි සිමෙන්ට් ලංකා ලිමිටඩ්, සීලෙක්ස් ඉන්ජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන ද, සහයෝගීතාවය ලබා දී  ඇත.

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ,

    පරිත්‍යාගශීලීන්, දානපතියන් තමන් ධාර්මිකව ඉපැයු ධනය මෙරට ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය පද්ධතිය තුලට පරිත්‍යාග කිරීම අප අගය කල යුතු බවයි. නමුත් ඒ පිළිබදව සමාජයේ දැනුවත්වීම බොහොම අල්ප බවත්, මෙවැනි තවත් දානපතියන් විශාල පිරිසක් රට තුල සිටින බැවින් මෙවැනි පරිත්‍යාග පිලිබදව සමාජය දැනුවත් වන්නේ නම්  ඒ අයත් මෙවැනි  පරිත්‍යාග කිරීමට  ඉදිරිපත් වෙනු ඇතැයිද පැවසීය.

    ලංකාව තරම් මෙවැනි පරිත්‍යාග කරන, ඇස්, ලේ, අවයව දන්දෙන ජනතාවක් සිටින  ලෝකයේ වෙනත් රටක් තිබේදැයි තමන් දැනුවත් නොවන බවද පැවසූ අමාත්‍යවරයා මේ සදහා මූල්‍යමය දායකත්වය දක්වන ලද ජී.එස්.විජේසිංහ මහත්මියටත් අනෙකුත් දානපතියන්ටත්  විශේෂ ස්තූතියක්ද මෙහිදි පිරිණමන ලදී.  

    මෙහි පලමු අදියර 2021 වර්ෂයේ දී සිදු කල අතර මේ සදහා මුල්‍යමය දායකත්වය සෙලාන් බැංකුව විසින් දරනු ලැබීය. යුධ හමුදා ශ්‍රමදායක්ත්වය යටතේ ඉදිකල පලමු අදියර සදහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 18 ක් වන අතර දෙමහල් නව දැඩිසත්කාර ඒකකයේ ඉදිකිරීම් සදහා සම්පුර්ණයෙන්ම වැය වී ඇති මුදල රුපියල් මිලියන 38 කට අධිකය.  

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න, නැගෙනහිර කොළඹ මුලික රෝහලේ  අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න,    නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය මුදිතා පෙරේරා යන මහත්ම මහත්මීන් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසක් ද සහභාගී වුහ. 

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya