ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ෆොක්ස් හිල් අනතුරින් විපතට පත්වූ සියලූම පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත ශ්‍රී ලංකා යුද හමුදාව කණගාටුව පළකරයි

    අප්‍රේල් 22, 2024

    දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය අතරතුර සිදු වූ අනතුරින් විපතට පත්වූ සියලූම පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත ශ්‍රී ලංකා යුද හමුදාව සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටියි.

    ශ්‍රී ලංකා යුද හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් කේ.ඒ.එන් රසික කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

    වසර පහක නිහඬතාවයකින් අනතුරුව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය එක්ව 28වන වරටත් සංවිධානය කළ ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය මෙවර පැවැත්වුණි.

    තරගාවලියේ තරග ඉසව් 24ක් අතරින් 14 වැනි තරගය ලෙස පැවැත්වුණු 1500cc ford Laser Mazda කාණ්ඩය යටතේ පැවැත්වුණු තරගය අතරතුර මෙම අනතුර සිදුවුයේ ඊයේ(21) පස්වරුවේ දීය.

    මෝටර් රථයේ ධාවන පථයෙන් ලිස්සා ගොස් සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයින් 7දෙකු ජීවිතක්ෂයට පත් වී තවත් පුද්ගලයින් 21කු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    එමෙන්ම මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළේය.

    යුද්ධ  හමුදා මූලස්ථානය  නිකුත් කළ නිවේදනය පහත දැක් වේ.

    c6468644 d59f 4aec adb9 569f999309e1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya